ICC ready to include cricket in 2028 Los Angeles Olympics

2028 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරදීම පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඥහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 10දා නිවේදනය කළේය.

මෙම පියවරත් සමග 2032 වසරේ බ්‍රිස්බේන්හී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ සිට සහ ඉන් ඔබ්බට ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් තරග සඳහා ස්ථිර වනු ඇතැයි අයිසීසීය බලාපොරොත්තු වේ.අයිසීසී සභාපති නවසීලන්ත ජාතික ග්‍රෙග් බාක්ලි ඊයේ (10)දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ,

"මෙම ක්‍රියාදාමය පිටුපස අපේ ක්‍රීඩාවේ එකමුතු බව පෙනෙනවා. අපි ඔලිම්පික් ක්‍රිකට් ක්‍රීඩාවේ දිගුකාලීන අනාගතයේ කොටසක් ලෙස. දකිනවා. ගෝලීය වශයෙන් අපට බිලියනයකට අධික ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සිටින අතර, එය සියයට 90කට ආසන්න ප්‍රමාණයක් ලෙස අපිට පෙනී යනවා. අපි හිතනවා ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාවත් දැකීමට ඔවුනට අවශ්‍යයි" යනුවෙනි.

 මෙම කෙසේ වෙතත් මේ සඳහා අයිසීසීය ක්‍රියාකාරී කමිටුවක්ද පත් කර තිබේ. එහි සභාපති ධුරයට දරනු ලබන්නේ එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉයන් වට්මෝර් විසිනුයි. සෙසු සාමාජිකයන් වන්නේ අයිසීසී ස්වාධීන අධ්‍යක්ෂ ඉන්ද්‍රා නූයි (IndraNooyi), සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ සභාපති ටවෙන්ග්වා මුකුලානි(TavengwaMukuhlani), අයිසීසී අර්ධ සාමාජික රටවල් නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ උපසභාපති මහින්ද වල්ලිපුරම් (Mahinda Vallipuram) සහ ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට්. ආයතනයේ සභාපති පරාග් මරාතේ (Parag Marathe) යන පුද්ගලයන්ය.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළද මිලියන 30ක පමණ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පිරිසක් සිටින බැවින්, 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම සඳහා සුදුසුම තරගාවලිය වනු ඇති බව අයිසීසීය පෙන්වා දෙයි. මීට පෙර එක් අවස්ථාවකදී පමණක් ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට ඇතුළත්ව තිබුණි. ඒ, 1900 වසරේදීය. එහිදී මහා බ්‍රිතාන්‍යය සහ සත්කාරක ප්‍රංශය යන රටවල් දෙක පමණක් ඊට තරග කර තිබුණි.

මීට අමතරව ලබන වසරේ පැවැත්වෙන 2022 වසරේ බර්මිංහැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහාද ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර ඇත. "පැහැදිලිවම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. විශේෂයෙන් දකුණු ආසියාවේ. අපේ ප්‍රේක්ෂකයන්ගෙන් සියයට 92ක් ඉන්නේ දකුණු ආසියාවේ. ඇමරිකාව තුළත් මිලියන 30ක ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා.

ඔලිම්පික් පදක්කමක් සඳහා තම වීරයන් තරග වදින ආකාරය දැක ගැනීමට එම ප්‍රේක්‍ෂකයන්ට ඇති අවස්ථාව සිත් ඇදගන්නා සුලුයි” යනුවෙන් අයි.සී.සී සභාපති ග්‍රේග් බාක්ලි වැඩිදුරටත් සඳහන් කර තිබුණි. "ඔලිම්පික් උළෙලට ඇතුළත් කර ගැනීම සඳහා ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය දැක්වීමට හැකි වීම ගැන ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනය වශයෙන් අප සතුටට පත් වනවා. එම කාලය ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩාව දියුණු කිරීමේ අපගේ අඛන්ඩ සැලසුම් සමග හොඳින් ගැළපේවි" යනුවෙන් ඇමෙරිකා ක්‍රිකට් සභාපති පරාග් මරාතේ පැවසීය. "මේ වන විටත් දැඩි උනන්දුවක් දක්වන ක්‍රිකට් ලෝලීන් සහ ක්‍රීඩකයන් ඇමරිකා එක්සත් ජනපදය තුළ සිටින අතර, ලොව පුරා ක්‍රීඩාව සඳහා විශාල ගෝලීය ප්‍රේක්‍ෂකයන් සහ අනුගාමිකයන් සිටියි. ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ඇතුළත් කිරීම මහත් වටිනාකමක් ලබා දෙන අතර, අපගේ ජයග්‍රහණය ලබා ගැනීමට උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරමු. ක්‍රිකට් මෙරට ප්‍රධාන ධාරාවේ ක්‍රීඩාවක් ලෙස ස්ථාපිත කිර්ම සඳහා අපගේ දැක්මත් එය වනු ඇතැයි”

 මරාතේ වැඩිදුරටත් පැවසීය. මෑත කාලයේ ගෝලීය ක්‍රීඩා ඉසව් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවක් ලෙස ඇතුළත් වීම මේ සඳහා දැඩි තල්ලුවක් ලබාදෙයි. 2022 වසරේදී එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී එයට දැනටමත් ස්ථානයක්  හිමි වී ඇති අතර, ඊට එංගලන්ත සහ වේල්ස් (ඊසීටී) එමෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (බීසීසීඅයි) යන ආයතන ඒකට එකතු වී ලබාගත් ජයග්‍රහණයක් ලෙස දැක්විය හැකිය. කෙසේ වෙතත් 2023-2031 ජාත්‍යන්තර දින දර්ශනය තුළ මෙතෙක් කුමන ආකෘතියකින් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නැතත්, එය බොහෝදුරට පන්දුවාර 10 ආකෘතියට වැඩි ඉඩක් ලැබෙනු ඇතැයි වාර්තා වේ.