මේ වසර මුලදී බොලිවුඩ් නිළි ජුහි චව්ලා ඉන්දියාවේ 5G තාක්ෂණය හඳුන්වා දීමට එරෙහිව නඩු පැවරීමෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් විය. කෙසේ වෙතත් දිල්ලි මහාධිකරණය එම නඩුව නිෂ්ප්‍රභ කළ අතර ඇයට සහ තවත් අයදුම්කරුවන් දෙදෙනෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක දඩයක් නියම කළේය. මෙම සිදුවීම නිළිය නඩුවෙන් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සාහ කළ බවට ඇතැමුන්ගේ චෝදනාවටද ලක් විය.
නඩු තීන්දුවෙන් පසු ඇය කිසිවක් කීවේ නැත. සති ගණනාවක නිහඩතාවයෙන් පසු, සඳුදා, ජුහි චව්ලා ඉලෙක්ට්‍රෝනික චුම්භක ක්ෂේත්‍ර විකිරණ හෝ ඊඑම්එෆ් විකිරණ ගැන දැනුවත් කිරීම සඳහා වූ සිය විරෝධතා ව්‍යාපාරය ගැන නැවත විවෘතව පැවසුවාය.
ජුහි චව්ලා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “ජුනි මාසයේදී සිදු වූ හැමදෙයක්ම මට වේදනාවක් සහ ව්‍යාකූලත්වයක් ගෙන දුන්නා. එක් අතකට මට නරක ප්‍රචාරයක් ලැබුණා.අනෙක් පැත්තෙන් නාඳුනන අයගෙන් හද උණුසුම් කරවන පණිවිඩයක් ලැබුනා. ඔවුන් අවංකව සහ මුළුමනින්ම සහයෝගය දක්වන බව මට පැවසුවා.
එවැනි එක් පණිවිඩයක් එවූයේ මගේ දෑසට කඳුළු මතුකළ මහාරාෂ්ට්‍රයේ ගොවීන් පිරිසක්. මට අවශ්‍ය දඩ මුදල ගෙවීමට මට උදව් කිරීම සඳහා ඔවුන්ගේ සෑම 10,000 කගෙ ගොවි ප්‍රජාවගෙන් සුළු මුදලක් එකතු කර ගැනීමට ස්වේච්ඡා ගමනක් යාමට ඔවුන් කැමති බව කිව්වා.
විකිරණ වල බලපෑම ගැන ඔබ ගැඹුරින් සොයා බලන්න. නිවසේ විකිරණ සංඛ්‍යාතය පරීක්ෂා කිරීම සඳහා හයිද්‍රාබාද් හිදී සාම්පලයක ලබා ගැනීමට අපට හැකි විය. එදින මම නිවසේ සිටියදී, ක්‍රියාකරු විසින් මට මීටරය පෙන්වූ අතර එය දැනටමත් ඉහළම මට්ටමක තිබුණි. වාර්තා ආ පසු අපට කීවේ එතරම් ඉහළ විකිරණ වලින් අපේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති විය හැකි බවයි.
ජුහී සහ ඇගේ අසල්වැසියා තොරතුරු දැන ගැනීමේ පනතට අනුව රජයට මේ ගැන ලියූ අතර ඇගේ නිවස ඉදිරිපිට සවි කර තිබූ ජංගම දුරකථන කුළුණු 14 න් 13 ක් දින කිහිපයක් ඇතුළත ඉවත් කර ඇති අතර ඒවා නීති විරෝධී ලෙස ඉදිකරන ලද ඒවා බව සොයා ගන්නා ලදී.
0 Comments