තමන් තලෙයිබාන් සංවිධානය පාලනය යටතේ ඇෆ්ගනිස්තානය තුළ බිහිකිරීමට සූදානම් වන් සියලු දෙනාම ඇතුළත් වුණුරජයක් බව එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සුහායිල් ෂහීන් පවසයි. ඊයේ තුර්කියේTRT World නාළිකාව වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව පවසා තිබේ. "අපි ඉදිරියටත් කටයුතු කරන්නේ ඇෆ්ගනිස්තානය තුළ සියලු දෙනාම ඇතුළත්වුණු රජයක් පිහිටුවන්න. ඉන් අදහස් වෙනවා තලේබාන් සවිධානයට රට තුළ ඒකාධිකාරී බලයක් පිළිබදව විශ්වාසයක් හෝ අවශ්‍යතාවක් නොමැති බව.” ප්‍රකාශකවරයා පවසා තිබේ.
එහිදී තමන්ට අවශ්‍යව ඇත්තේ ඇෆ්ගනිස්තානයේ සියලුම ජනවර්ගයට අයත් පිරිස් එකට එක්ව සැකසුනු රජයක් බවත්, විදෙස් හමුදා රටෙන් පිටවීමෙන් පසුව දැන් උදාවී ඇත්තේ ඇෆ්ගනිස්තානය ගොඩනැගීමේ කාලය බවත් ඔහු පවසා ඇත.මේ අතර නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් පසුගිය බදාදා කාබුල් නුවරදී සාකචිඡාවක් පැවැත්වී ඇති අතර, ඒ සඳහා තලේබාන් සංවිධානයේ ආයුද සන්නද්ධ හබානි ජාලයේ ජ්‍යෙෂ්ඨ නායකවරයා, ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙකු වන හමීඩ් කර්සායි මෙන්ම ඇෆ්ගනිස්තාන රජය සහ තලේබාන් සංවිධානය අතර සාම සාකචිඡාවේ ප්‍රධාන නියෝජිත අබ්දුල්ලා අබිදුල්ලා යන පිරිස් සහභාගි වී ඇතැයි පැවසෙයි.
තලේබාන් සංවිධානයේ සම නිර්මාතෘවරයකු මෙන්ම එහි වත්මන් ප්‍රධානියා වන මුල්ලා අබ්දුල් ඝානි බරාදාර්ද වසර 10කට පසුව යළිත් ඇෆ්ගනිස්තානය වෙත පැමිණ සිටින අතර, ඔහුද ඉදිරියේදී ඇෆ්ගනිස්තාන නායකයන් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමග සාකච්ඡා කරනු ඇතැයි පැවසෙයි.
බරාදාර් 2010 දී පාකිස්තාන අත්අඩංගුවට පත් වූ අතර, 2018 දී එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ගේ මැදිහත්වීමකින් අනතුරුව ඔහු නිදහස් කෙරිණි. ඇෆ්ගනිස්තාන රජය සමග පවත්වන සාම සාකච්ඡා සඳහා සහභාගිවීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් මෙම නිදහස් කිරීම සිදු විය.
0 Comments