Out-of-hospital covid deaths on the rise?

කෝවිඩ් මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන තත්වයක් පෙන්නුම් කරන අතර, රෝහල තුළදී මෙම රෝහලෙන් පිටත සිදුවන මරණ සංඛ්‍යාවද ඉහළ යමින් තිබේ.වාර්තාගත කෝවිඩ් ආසාදිත මරණවලින් 19.9%ක්ම වාර්තා වී ඇත්තේ නිවාසවල මියගිය පුද්ගලයන් සහ රෝහල්ගත කරද්දී මිය ගිය පුද්ගලයන් යැයිද, එයින්ගම්‍ය වන්නේ ආසාදිත මරණවලි20%කට ආසන්න පිරිසක් නිවෙස්වල සිටි බව යැයිද සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 

එමෙන්ම කෝවිඩ් ආසාදිතයන්ගෙන් විශාල පිරිසක් නිවෙස් වල වෛද්‍ය අධීක්ෂණයක් නොමැතිව සිටීම බරපතළ තත්ත්වයක් බවද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී තහවුරු වුයේපසුගිය අගෝස්තු 06 වනදා වන විට පැවැති දත්ත අනුව මරණ 980ක්ම නිවාසවල සිදුවූ මරණ හෝ රෝහල්ගත කරද්දී සිදුවූ මරණ බවයි.

අගෝස්තු 06 වැනිදා වන විට රෝහල්ගත කර සිටියදී මියගිය ගණන 3,939කි. නිවාසවල සහ රෝහල්ගත කරන අවස්ථාවේ මියගොස් ඇති කෝවිඩ් ආසාදිතයන් ගණන සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 19.9ක් වීමෙන් පෙන්නුම් කරන්නේ හඳුනා නොගත් කෝවිඩ් රෝගීන් විශාල පිරිසක් සෙමාජයේ සිටින බව යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙන් පැවසීය.අගෝස්තු 06වැනිදා වන විට කෝවිඩ් නිසා මියගොස් සිටි 4,919 දෙනාගෙන් වයස අවුරුදු 30ට අඩු ගණන 58කි.

අවුරුදු 30-59ත් අතර 1,096දෙනෙක් මියගොස් ඇති අතර, 60ට වැඩි ගණන 3,765කි. මියගිය පිරිස අතර අවුරුදු 18ට අඩු 18දෙනෙක්ද ඇත. නිවසේදී හෝ රෝහල්ගත කරන අවස්ථාව වන විට මියගොස් සිටි 980 අතුරෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර, එම ගණන 213කි. කළුතර දිස්ත්‍රික්කයේ එම ගණන 189ක් වන අතර, ගහ දිස්ත්‍රික්කයේ 138කි. ගාල්ලේ 106දෙනෙක්ද, කුරුණෑගල 89දෙනෙක්ද නිවසේදී සහ රෝහල්ගත කරන අවස්ථාවේදී මියගොස් තිබේ. අගෝස්තු 06වැනිදා දක්වා වාර්තාගත තොරතුරුවලට අනුව කෝවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම ලබාගත් 25දෙනෙකුද. එක් එන්නතක් ලබාගත් 202කුද මියගොස් ඇත.අගෝස්තු පළමු වැනිදා සිට අගෝස්තු 10වැනිදා තෙක් කෝවිඩ් රෝගීන් යැයි තහවුරු වූ බවට වසංගත රෝග අංශය ඉදිරිපත් කරන දත්තවලට සාපේක්ෂව මියගියා යැයි කියන ගණන සියයට 3.32කි. අගෝස්තු 06වැනිදා තෙක් දත්ත අනුව මියගොස් ඇති ප්‍රතිශතය ආසාදිතයන් යැයි වාර්තාගත ගණනට සාපේක්ෂව සියයට 3.07කි.

ජනගහනයට අනුව ශ්‍රී ලංකාවේ කෝවිඩ් තහවුරු වන ගණන මිලියනයකට 15,901ක් වන අතර, මරණ ගණන මිලියනයකට254දෙනෙකි. ඉන්දියාවේ කෝවිඩ් තහවුරු වන ගණනමිලියනයකට22,994ක් වන අතර, මරණ ගණන මිලියනයකට 308 දෙනෙකි. කෙසේ වෙතත් ඉන්දියාවේ මෙලෙස වාර්තා වන්නේ පීසීආර් විශාල ප්‍රමාණයක් සිදුකිරීම නිසා බවත්, ලංකාවේ පීසීආර් පරික්ෂණ 4,412,770ක් සිදුකරදී ඉන්දියාවේ පීසීආර් පරීක්ෂණ 487,370,196ක් සිදුකර ඇති බවත්, ඒ අනුව බලන කල ලංකාවේ. තත්වය ඉන්දියාවටත් වඩා නරක අතට යමින් තිබෙන බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු ප්‍රකාශ කරති. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජුනි 06දිනැති. සංශෝධිත මාගෝපදේශයෙන් පසු ඇතැම් රෝහල්වල කෝවිඩ් ලක්ෂණ නොමැතිව මිය යන රෝගීන්ට පීසීආර් පරීක්ෂණ සිදුනොකරන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



කෝවිඩ් ආසාදිතයන් නිවාසවල සහ මහ මග මියයන බවට පසුගිය නොවැම්බර්සහ දෙසැම්බර් මාසවල සමාජ මාධ්‍යවල පෝස්ට් පළවූ අතර, ඒවා අසත්‍ය බව රජය පාර්ශ්වයෙන් ඒ දිනවල ප්‍රකාශ කළේය. එවැනි ව්‍යාජ පෝස්ට් පළකරන පිරිස් අත්අඩංගුවට ගන්නා බවද රජයේ පාර්ශ්වයෙන් කීවේය. කෙසේ වෙතත් පසුගිය. ඔක්තෝම්බ24වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා තෙක් කෝවිඩ් ආසාදිතයන් 70ක් නිවාසවල සහ රෝහලට ඇතුළත් කරන අවස්ථා වන විට මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත විශ්ලේෂණය කරන විට පැහැදිලි වේ. මෙම එමෙන්ම කෝවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයන්ට කෝඩ් ආසාදනය වී ඇත්දැයි දැන ගැනීම සඳහා අදාළ පරීක්ෂණයකට භාජනය වීම දුෂ්කර වී ඇතැයි මේ වන විට ප්‍රදේශ රැසකින් වාර්තා වේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා අදාළ පරීක්ෂණවලට භාජනය වීමට ඇතැම් ප්‍රදේශවල දින 10ක් පමණ යන බවත්, පෞද්ගලික රෝහල් රැසක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ නවත්වා ඇති බවත් පැවසේ. පෞද්ගලික රෝහල්වලින් පීසීආර් කිරීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණයට වඩා වැඩි මුදල් වැය වන බවත්, මේ හේතුවෙන් මෙම අර්බුදකාරීත්වය උද්ගත වී ඇති බවද ජනතාව සඳහන් කරයි.


මීට පෙර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදුකළ පෞද්ගලික රෝහල් දෙකක ප්‍රධානීන්ගෙන් විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ නතර කරන ලෙස සෞඛ්‍ය බලධාර්න් කළ දැනුම්දීමකින් පසු එම පරීක්ෂණය නතර කර දැමූ බවයි. මේ හේතුව නිසා රෝග ලක්ෂණ ඇති පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටිති. කෙසේ වෙතත් කෝවිඩි ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අතර, එවන් අවස්ථාවකදී මෙවන් අපහසුතාවන් තවදුරටත් වර්ධනය වුවහොත් සිදුවන්නේ එම සමාජ ව්‍යාප්තිය තවත් ශීඝ්‍ර වීමයි. මේ හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වෙත අවනත වීම මහජනයාගේ මෙන්ම රජයේද යුතුකමකි.

(චාමර සම්පත්)