ඉන්දියාවෙන් ඇණවුම් කර තිබෙන තවත් සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් 'ශක්ති' නෞකාව 24දා ඉන්දියාවේ චෙන්නායි වරාය බලාපිටත්ව යාමට නියමිතව තිබේ.සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා පසුගිය 17වැනිදා ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ 'ශක්ති’ නෞකාව සායනික ඔක්සිජන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් 22දා මධ්‍යම රාත්‍රියේ කොළඹ වරායට රැගෙන එනු ලැබිණි.
සායනික ඔක්සිජන් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් ඉන්දීය නාවික හමුදාපතිගෙන් ඍජුවම සිදු කරන ලද ඉල්ලීමකට අනුව සායනික ඔක්සිජන් ටොන් 100ක පමණ ප්‍රමාණයක් රැගත් ඉන්දියානු නාවික හමුදාවේ 'ශක්ති' නෞකාවද 22දා සවස කොළඹ වරායට සේන්දු විය.
පවත්නා වසංගත තත්වය හමුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව නිසි ලෙස පවත්වා ගැනීමේ අරමුණෙන්,ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන්මෙරටට කඩිනමින් රැගෙන ඒමේ ක්‍රියාවලිය නාවික හමුදාව මගින් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන මහතා වෙත උපදෙස් ලබාදී තිබෙන බවද
නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්ති නෞකාව.මගින් රැගෙන එන ලද සායනික ඔක්සිජන් තොගය කොළඹ වරාය වෙත ගොඩබෑමෙන් අනතුරුව, නැවතත් එම නෞකාව 24 දින තවත් සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත්ව යාමට නියමිතව තිබෙන බවද එම මූලස්ථානය පෙන්වා දෙයි.
(ඉදික හේවාවිතාරණ)-
0 Comments