Sri Lankan Ramesh J. Wettasinghe is one of the 100 people with the best vision of education in America

ඇමෙරිකාවේ යුටා ප්‍රාන්තයේ ප්‍රමුඛතම පාසැල් ජාලය "ඔඑසිස් මොන්ටෙසොරි" පාසල් ජාලයේ හිමිකරු , ශ්‍රී ලංකික රමේෂ් ජේ වෙත්තසිංහ මහතා අමෙරිකාවේ "Top 100 Visionaries in Education" සම්මානයෙන් පසුගියදා ලාස් වෙගාස් හි MGM Grand හෝටලයේ දී පැවති සම්මාන උළලකදී පිදුම් ලබා තිබෙයි. 

මෙම  ජාත්‍යන්තර සම්මානය දිනා ගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේද ඒ මහතායි.

රමේෂ් වෙත්තසිංහ මහතා විසින් ආරම්භ කරන ලද ඔඑසිස් පාසැල අද වන විට යුටා ප්‍රාන්තයේ විශාලම පුද්ගලික පාසල් ජාලය වන අතර සිසුන් දහස් ගණනක් එහි අධ්‍යාපනය ලබන බව පැවසේ. ඔඑසිස් පාසැල් ජාලය උසස් ම ගුණාත්මක භාවයෙන් යුතු පාසල් ජාලය බවට එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින්ද 2018 වසරේ දී සහතික කර තිබේ.  ඇමෙරිකාවේ connections සඟරාව මගින් ජනප්‍රියතම පාසල් ජාලය වශයෙන් 2021 වසරේදී තෝරා ගන්නා ලැබුවේද ඔඑසිස් පාසල් ජාලයයි.

මහරගම ජනාධිපති විදුහලේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන රමේෂ් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර අමෙර්කාවේ හීල්ඩ් සහ ලින්කන් විශ්වවිද්‍යාල වල  උපාදිද හදාරා ඇත්තෙකි.