The Evergreen ship that blocked the Suez Canal finally arrives in Britain

ඊජිප්තුවේ පිහිටි සූවස් ඇළ අවහිර කරමින් ලොව එතෙක් මෙතෙක් සිදුවුණු විශාලතම නෞකා තදබදය ඇති කිරීමට හේතු වූ එවර්ග්‍රීන් නොකාව පසුගියදා සිය ගමනාන්තය වූ බ්‍රිතාන්‍යය වෙත ළගා වී ඇතැයි වාර්තා වෙයි. නියමිත කාලයට වඩා මාස හතරක් පසු වූ මෙම නෞකාව මෙලෙස බ්‍රිතාන්‍යයේ විශාලතම නාවික වරාය වන ෆෙලික්සිටෝව්හි නැංගුරම් ලා තිබේ. 

මෙම අවස්ථාව දැකගැනීම සඳහා විශාල පිරිසක් වරාය ආසන්නයට පැමිණ සිටි බවත් සඳහන් වෙයි. මැලේසියාවේ සිට බ්‍රිතාන්‍යය බලා එන ගමනේදී මෙම එවර්ග්‍රීන් නොකාව පසුගිය මාර්තු 23දා සූවස් ඇළහි හිරවිය. ඇළ හරහා හමාගිය සුළගක් ඊට හේතු වූ බව පැවසෙයි. එහිදී නෞකාව මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර, ඒ සඳහා දින හයක කාලයක් ගතවිය,

එම කාලසීමාවේදී ඇළ මාර්ගය හරහා ගමන් කිරීමට නියමිතව තිබූ නෞකා සිය ගණනක් දෙපස හිරවිය. නෞකාව ඉන් මුදවා ගැනීමෙන් අනතුරුව තවත් මාස තුනක කාලයක් එම නෞකාව ඊජිප්තු බලධාරීන්ගේ අත්හඅඩංගුවේ පසුවූ අතර, සිදුවීමට අදාළ පරික්ෂණ සහ සිදුවූ හානියට නෞකාව හිමි ජපාන සමාගමෙන් වන්දි ලබාගැනීම් කටයුතු සිදුවීම ඊට හේතු විය. ඒ අනුව මාස තුනක රදවා ගැනීමේ කාලයකින් පසුව ජූලි මාසයේදී එය ඉන් නිදහස් කෙරිණි.