The-Jogging-Track-in-Parakrama-Samudra-has-been-suspended-amid-protests

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ ගොඩබිම ආසන්නයේ ගල් යොදා ආරක්ෂා කළ කොටස  එනම් රළපනාව විනාශ වන ලෙස ඇවිදින මංතීරුවක් ඉදිරි කිරීමේ කටයුතු මීට දින 4 කට පෙර නාගරික සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කර තිබුනේ අප්‍රසිද්ධියේය. බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මේ වනවිටත් ඒ අවට ගල් විශාල ප්‍රමාණයක් ඉවත් කර තිබේ.


පරාක්‍රම සමුද්‍රයේ රළපනාව විනාශ කරමින් ඉදිකිරීමට සූදානම් වන ඇවිදින මංතීරුවට විරෝධය පළකරමින් මහා සඟරුවන ඊයේ (27) දින එම ස්ථානයට වැඩම කර තිබුණ අතර ඓතිහාසික ස්තානය ආරක්ෂා කිරීම වෙනුවෙන් කථාබස් කළහ.
එහිදී උන්වහන්සේලා පවතින තත්ත්වය සියැසින් දැකබලා ‌ඊට විරෝධය පළ කරමින් අදහස් දක්වද්දී
සංවර්ධන ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරයා පැමිණ කරුණු පැහැදිලි කිරීමක්ද සිදු කළේය.


 ඉදිකෙරෙන ඇවිදින මංතීරුවෙන් ජලාශයට කිසිදු හානියක් සිදුනොවන බව ඔහු කීය.
ඔහු පෙන්වා දෙන්නේ පොලොන්නරුවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් සකස් කර ඇති මහාසැලැස්මට අනුව මෙම ව්‍යාපෘතිය දියත් කර ඇති බවකි.
ඒ සදහා මුදල් වෙන්කොට ඇති බවත්, ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම තමාගේ කාර්යභාරය බවත් හෙතෙම තියා සිටියේය.
නමුත් ස්වාමින් වහන්සේලා දිගින් දිගටම පළකළ විරෝධය හමුවේ එහි වැඩ තාවකාලිකව නතර කරන්නට තීරණය වූ බව වාර්තාවේ. කෙසේ වෙතත් ව්‍යාපෘතිය නතර කර නැති අතර ඉදිරියට මහා සංඝයා වහන්සේලාගෙ අනුමැතිය ලබාගෙන මෙය සිදුකරනු ඇතැයි වාර්තා පළවේ.