self-closed-towns
කොරෝනා වසංගතය හමුවේ රජය රට නොවසන නමුත් ‘අපි වසාගන්නවා‘ කියමින්  ස්වේච්ඡාවෙන් කඩසාප්පු වසා දමමින් සිය නගර ස්වයං අගුළු දැමීමකට යටත් කිරීමට ඊයේ වන විට නගර 10 ක් කටයුතුකර තිබූ අතර අද වනවිට එය 21 දක්වා ඉහළ ගොස් තිබේ.


අද (17 වැනිදා) වනවිට වැසුණ නගර මෙසේය.

  1. බදුල්ල,
  2. දිවුලපිටිය,
  3. බලංගොඩ,
  4. බණ්ඩාරවෙල,
  5. වැලිගම,
  6. ඇඹිලිපිටිය,
  7. තංගල්ල,
  8. බෙලිඅත්ත,
  9. කෑගල්ල,
  10. වලපනේ සහ
  11. මාතලේ යටලවත්ත යේලක්කරය




ඊයේ (16 වැනිදා) උදෑසන වන විට වැසුනු නගර මෙසේය

  1. ගම්පහ,
  2. අම්බලන්තොට,
  3. අම්බලන්ගොඩ,
  4. මරඳගහමුල,
  5. වේයන්ගොඩ,
  6. දංකොටුව,
  7. සේරුනුවර,
  8. අම්පාර
  9. මාතලේ පලාපත්වල මඩවල උල්පත
  10. උඩවලව

    මේ අතර අත්‍යවශ්‍ය කරුණකට හැර රටේ වාණිජ අගනුවර වන කොළඹ නගරයට පැමිණීමෙන් වළක්නා ලෙස කොළඹ නගරාධිපති රෝසි සේනානායක කොළඹ පදිංචිකරුවන්ගෙන් සහ දෛනික කොළඹට පැමිණෙන පිට පළාත්වල ජනතාවගෙන් ඊයේ (16 වැනිදා) ඉල්ලා සිටියාය.