තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය අල්ලා ගැනීමෙන් පසු එරටින් පලා යාමට සිවිල් වැසියන් දහස් ගණනක් සඳුදා කාබුල් ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
ගුවන් තොටුපළේ සෙනඟ එක්රැස් වීමට උත්සාහ කළ අතර, සමහර අය එක්සත් ජනපද මිලිටරි ප්‍රවාහන ගුවන් යානයක ධාවන පථයේ ඇතුළුකිරීම් සිදු කරන විට එහි එල්ලී සිටි බවත් ඇතිවූ නොසන්සුන්තාවයෙන් ඇමෙරිකානු හමුදා ජෙට් යානයෙන් බිමට වැටී හෝ අධික තදබදය නිසා අවම වශයෙන් හත් දෙනෙකු මිය ගිය බවත් එක්සත් ජනපදයේ උසස් හමුදා නිලධාරියෙකු නිල නොවන ප්රවෘත්ති මාධ්‍යයන්ට පවසා තිබේ.
එක්සත් ජනපද හමුදාව ගුවන් ගමනාගමනය පාලනය කර ගැනීමට පෙර පිටත් වන අවසන් වාණිජ ගුවන් යානයක ස්ථානයක් ලබා ගැනීම සඳහා අඳුරේම ධාවන පථ වටා සැරිසරමින්, ගමන් මලු රැගෙන දහස් ගණන් සෙනඟ රොක් වූහ. එක් පෝස්ට් එකක දැක්වුණේ ගුවන් යානයක් යටකරගෙන යාමේදී සිරවී සිටීමට උත්සාහ කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් වහලය මත පරීක්ෂා කරන පුද්ගලයින්ගේ ඡායාරූපයකි.
මෙලෙස මියගිය අය අතර ගුවන් යානයේ එල්ලී යාමට තැත් කර ඇදවැටී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වූ බව ‘වයිස්‘ වෙබ් අඩවි වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබේ. ගුවන් යානයක් ගමන් කරන වේගයට කිසිවෙකුට එහි එල්ලී ගමන් කළ නොහැකි අතරම අහස උඩදී සෙල්සියස් අංශක සෘණ 50 කට අධික උෂ්ණත්වයට ඔරොත්තුදී සිටීමේ හැකියාවද අපහසුය.
සඳුදා 17 හැවිරිදි රේසා සිය 16 හැවිරිදි සහෝදර කබීර් සමඟ නිවසින් පිටව ගිය බවත් ඔවුන් මේ අනතුරට ලක්වනතුරු නිවැසියන් ඒ බව නොදැන සිටි බවත් එම වාර්තාවේ දැක්වේ.
තලේබාන් පාලනය යටතේ ජීවිතයට බියෙන් ඉන් ගැලවීමේ බලාපොරොත්තුවෙන් සහෝදරයින් දෙදෙනා ගුවන් තොටුපල වෙත පලා ගොස් ඇති බව ඔවුන් මිතුරන්ට සැපයූ විස්තර වලින් හෙළිව ඇත.
පවුලේ සාමාජිකයෙක් පැවසුවේ “දරුවො දෙන්නා අහිමි වීම ගැන ඇත්තෙන්ම කණගාටු වෙනවා. අපි ඔවුන්ගෙන් එක් අයෙකුගේ මළ සිරුර සොයා ගත්තෙමු, නමුත් අනෙක් කෙනා තවමත් අතුරුදහන්."
රීසාගේ හා කබීර්ගේ ඇදවැටීම් වීඩියෝ පටයට හසු විය. සමාජ මාධ්‍ය වල වෛරස් බවට පත් වූ ක්ලිප් වල, අහසෙහි ලප ලෙස ඒ දෙන්නා පතිතවන අයුරු දිස් විය. ඒ මිනිසුන් බව තහවුරු විය
ඇද වැටී තිබී හමුවූ සිරුර කැබලිවී ඇති අතර අත් හා පාද වෙන්ව තිබූ බවද හෙළි විය. නමුත් හමුවූයේ එක් සිරුරකි.එසේ හමුවූයේ රේසා බව පසුව තහවුරු විය.
එම පවුලට රේසාගේ සිරුර හඳුනාගෙන ඇතත් තවමත් අතුරුදහන්ව සිටින කබීර් සොයා ගැනීමට නොහැකි වී තිබේ.
ගුවන් තොටුපලේදී වාසනාව අත්හදා බැලීමට ගත් තීරණයට අනුව මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇත.
රටින් පැනයාමට හැකිය යන ආරංචියට අනුබල දී මිනිසුන් 20,000 ක් පමණ ගුවන් තොටට ඇදී ගොස් තිබූ අතර කැනඩාවට හෝ ඇමරිකාවට ගෙන යන බවට අසල්වැසියන්ගෙන් අසන්නට ලැබුණු ආරංචියක් මෙම පිරිමි ළමයින්ට අසන්නට ලැබී ඇති බවද වාර්තා විය.
නිවසේ කිසිවෙකුටත් නොකියා ඔවුන් සිය පුද්ගලික හැඳුනුම්පත් රැගෙන ගුවන් තොටුපල බලා පිටත්ව ගොස් ඇති බව පවුලේ සාමාජිකයා පැවසීය.
මෙවැනිඅ වාසනාවන්ත සිදුවීමක් සිදුව ඇතත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළින් ඒ ගැන සොයා බැලීමක් හෝ කර නැත. ඊට එක් හේතුවක් වන්නේ මේ දිනවල ඇෆ්ගනිස්ථානය ත්‍රස්ත කන්ඩායමකට නතුවීමත් විදෙස් මාධ්‍ය සඳහා වාර්තාකරණයන්ට නිදහස අහිමිවීමත්ය.
මෙම අනතුර වළක්වා ගැනීමට යානය පැදවූ අයට නොහැකිවීම ගැනද විවේචන මතුව තිබේ.
ඇමරිකානුවන් එරටින් පිටමංවන්නේ සිය අවසන් චාරිකාව ලෙස සිතාගෙන බැවින් ඔවුන් නැවත හැරී බැලීමක්ද සිදු නොකළාය යන්නද විස්තරවී තිබේ.
0 Comments