මෙවර ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ අවසන් දිනය වන අද (8) රන් පදක්කම් වැඩිම ගණන හිමි රට බවට ඇමරිකාව පත්විය. මුල සිටම රන් සටනේදී චීනය පෙරමුණ ගෙන කටයුතු කළත් අවසන් දින කිහිපයේ ජවන හා පිටිය තරග සමග ඇමරිකාව ඉදිරියට ආවේය. රන් පදක්කම් ගණන සමවනු ඇතැයි දින 3 කට පෙර අනාවැකි පළවිය. එහෙත් අනපේක්ෂිත ලෙස අද පැවති බ්රසීලයට එරෙහි ඓතිහාසික කාන්තා වොලිබෝල් කන්ඩායම් ජයග්රහණය නිසා ඇමරිකාවට චීනය අභිබවා යන්නට හැකිවිය.
ඒ අනුව චීනයට රන් පදක්කම් 38 ක් හා ඇමරිකාවට 39 ක් ලැබී ඇත. අද ඉතිරි වේලාව තුළ ඇමරිකාවට හෝ චීනය රන් පදක්කම් දිනාගතහැකි තරග නොපවතින නිසා මෙවර උළෙලේ ජයග්රාහී රට බවට ඇමරිකාව පත්ව ඇත. වැඩිම පදක්කම් ලබාගැනීම අතින්ද ඇමරිකාව මුලට පැමිණි තිබේ.
Gold medals won
39 — United States
38 — China
27 — Japan
22 — Great Britain
20 — Russian Olympic Committee (ROC)
Total medals won
112 — United States
88 — China
70 — ROC
65 — Great Britain
58 — Japan
0 Comments