What-to-do-if-children-have-corona-positive?--Dr-Deepal-Perera

වෛද්‍ය දීපාල් පෙරේරා  දරුවන්ට කොරෝනා ධනාත්මකවූවිට කළයුතු දේ ගැන දක්වා තිබෙන අදහස් පහතින්

අවුරුදු 2ට වැඩි කෝවිඩ් positive ළමයින්ට රෝග ලක්ෂණ නැත්නම් නිවස තුළදී රැකබලා ගන්න ඕනේ. මේ නිවස තුළදී ඒ දරුවෝ රැකබලා  ගනිද්දි දෙමව්පියෝ වැඩිහිටියෝ විදියට කොහොමද මේ දරුවෙක් බලාගන්න කියලා අපි කතා කරමු. පලවෙනි මාස හයක් ඇතුළත ඒ දරුවා ඉන්නවනම් ඒ දරුවාට කොහොමත්ම මව් කිරි ලබා දිය යුතුයි. අපි අවුරුදු දෙකට අඩු ළමයින්ව රෝහලට ඇතුළත් කර ගන්නවා. 

හැබැයි ඉස්සරහට රෝග ලක්ෂණ නැති උනොත් දෙමව්පියන්ට රෝගය තිබුනත් මව් කිරි ලබා දීම දිගටම ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන් පලවෙනි මාස 6 මව් කිරි පමණක් ලබා දිය යුතුයි. මාස 6ට වැඩි දරුවන්ට මව් කිරි වලට අමතරව එ අමතර ආහාර ලබා දීම දිගටම කරගෙන යන්න ඕනේ. අපි දෙමව්පියන්ට හරි ගෙදර කාටහරි covid තියෙනවනම් ඒ ගෙදර රෝගියෙක් ඉන්නවනම් ඒ රෝගියා  මුඛ ආවරණය  නිතරම දාගෙන සිටිය යුතුයි. ගෙදර ඉන්න දරුවන්ටත් මුඛ ආවරණ ලබාදිය යුතුයි. අවුරුදු 2ට වැඩි දරුවන්ට මුඛ ආවරණ පැළඳිය හැකියි. අපිට පුළුවන් නම් ගෙදර වෙන කාමරයක ඒ දරුවෙක් හරි වැඩිහිටියෙක් හරි කෝවිඩ් positive නම්  තබාගත යුතුයි.  අපිට කාමර වෙනම නැත්නම් ගෙදර සාලෙ කොනක හරි නැත්නම් ඒ තියන ප්‍රදේශයේ ආරක්ෂා සහිතව කෝවිඩ් රෝගියාව තබා ගත යුතුයි. ඒ covid රෝගීන්ට උණ තියෙනවා නම් පැරසිටමෝල් මාත්‍රාවට පමණක් ලබා දිය යුතුයි.

පැරසිටමෝල් වලට අමතරව ඒ ලබා දෙන වේදනා නාශක සහ අනිත් උණ අඩු කිරීමේ බෙහෙත් වර්ග මේ අවස්ථාවේ දී ලබා නොදිය යුතුයි. දෙමව්පියෝ බය වෙනවා උණ තියෙන දරුවන්ට ෆිට් එක හැදෙයිද කියලා. එහෙම බය වෙලා පැරසිටමෝල් අනවශ්‍ය විදියට ලබා දෙන්න සූදානම් වෙනවා. ඒ වගේ දේවල් හොඳ නෑ. පැරසිටමෝල් ප්‍රමාණයට මාත්‍රාවට අනුව පමණක් ලබා දිය යුතුයි. කිලෝ ග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් පහළොවක් වෙනසේ දවසට උපරිම විදියට හතර සැරයක් පමණක් ලබා දිය යුතුයි. ඊට වැඩිය පැරසිටමෝල් ලබා දුන්නොත් අක්මාවට හානි වෙන්න පුළුවන්. ඩෙංගුත් තියෙන අවස්ථාවේ කෝවිඩ් රෝගයත් තියෙන අවස්ථාවේ අපි diclofenac sodium අත්‍යවශ්‍ය කාරණයකට මිසක් ලබා නොදිය යුතුයි. උණයි ,ෆිට් එකටයි බයවෙන්න එපා. උණයි, ෆිට් එකයි කියන එක සාමාන්‍යයෙන් මාස හයෙන් පටන් අරන් අවුරුදු හය විතර වෙනකොට නැතිවෙලා යනවා.

එකෙන් මොළේට හානියක් සිදු වෙන්නේ නෑ. බොහෝවිට අම්මලා බය වෙනවා උණයි ෆිට් එකයි හැදෙන ළමයින්ට ෆිට් එකෙන් හානියක් වෙයිද කියලා. හැබැයි මේ අවස්ථාවේ ඩෙංගු තිබුනත් ,කෝවිඩ් තිබුනත් diclofenac sodium දුන්නොත් ලේ ගැලීම් ඇති වෙලා ඊට වැඩිය හානි දායක වෙන්න පුළුවන්.


 ඊටත් වැඩිය ගෙදර මේ දරුවා බලාගන්න වෙලාවෙදි මේ දරුවන්ට ආරක්ෂාව ලබා දිය යුතුයි, විවේකය ලබා දිය යුතුයි ,ඊට අමතරව දරුවන්ට පෝෂදායි ආහාර වේලක් ලබාදිය යුතුයි. පෝෂදායී ආහාර වේලක් කිව්වම ගොඩක් ගණන් ආහාර නෙමෙයි. අපිට ගෙදර උයන බත් ටික දෙන්න පුළුවන්. බත් එක්ක කොළ ජාතියක් මුරුංගා කොළ, ගොටුකොළ වගේ කොළ ජාතියක්. වට්ටක්කා, බතල වගේ කහපාට එළවළු ජාතියක් ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව බිත්තර හරි, හාල්මැස්සො හරි ඒ වගේ protein තියෙන ආහාරයක් ලබා දිය හැකියි.

ඊට අමතරව ඇට ජාතියක් ලබා දෙන්න පුළුවන්. අපිට ස්වභාවික වූ ගන්න පුළුවන් ආහාර ලබා දීම  කළ යුතුයි. දියර ආහාර වැඩිපුර  ලබා දීලා පැරසිටමෝල් මාත්‍රාවක් ලබා දෙන්න පුළුවන් නම් මම හිතනවා ඉතාමත්ම වැදගත් කියලා. ඊට අමතරව අපි හැම තිස්සේම කල්පනා කරන්න ඕනේ අපිටත් රෝගය තියෙන්න පුළුවන්. අපි  ළඟ ඉන්න ඕනම කෙනෙක්ට රෝග තියෙන්න පුළුවන්. ඒ නිසා ගෙදර දරුවෝ ඉන්න දෙමව්පියෝ සහ වැඩිහිටියෝ අපි කල්පනාකාරී වෙන්න ඕනේ අපි එළියට යනවා නම් රස්සාවට හරි වෙන යම් කටයුත්තකට හරි අත්‍යවශ්‍ය කටයුත්තකට මිසක් මේ දවස් වල එළියට යන්න නරකයි. මොකද කෝවිඩ්  දෝරෙ ගලායනවා වගේ හරියට බෝ වෙනවා. හැම තැනම කෝවිඩ්. අපි දන්නේ නෑ ඔබට තියෙනවද මට තියෙනවද කියලා.

ඒ නිසා අපි හැම දෙනාම සෞඛ්‍ය පුරුදු ආපහු සැරයක් කල්පනාකාරී වෙන්න ඕනේ ,සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කරන්න ඕනේ, මුඛ ආවරණ හරි විදියට දාගන්න ඕනේ. අත්දෙක හෝදන්න ඔන,  දුරස්ථභාවය තියාගන්න ඕනේ, ඊට අමතරව පෝෂදායී ආහාර වේලක් ගන්න පුළුවන් නම් හොඳයි. කෝවිඩ් තියෙනවනම් ඒ දරුවන්ව ආරක්ෂා කරගන්න පුළුවන් අපිට විවේකය ලබා දෙන්න පුළුවන් ,ආහාර ටික ඒ අවශ්‍ය ටික පෝෂදායී ආහාර වේලක් ලබාදිය යුතුයි.