ඇමරිකාවේ නායකත්වය ජෝ බයිඩන්ට යන කාලයකදී තමන්ගේ ඉස්ලාමීය රාජ්‍ය සිහිනය සඵල කරගැනීමට හැකිවනු ඇති බවට හිටපු අල්කයිඩා නායක බින් ලාඩන් සිය සගයන්ට ලියූ පැරණි ලියුමකින් අනාවරණය වන බව නිව්යොර්ක් ටයිම්ස්  වාර්තා කර තිබේ.
බින් ලාඩන් මියයන්නට පෙර රහසිගත පණිවිඩයක් ලෙස යොමු කර තිබුණ මෙම ලියුම බරක් ඔබාමා පාලන කාලයේ සටහන් තැබූවකි. එහි තම සගයන්ට පවසා ඇත්තේ ඝාතන ඉලක්කයක් ලෙස බරක් ඔබාමා මරාදැමීම ඉලක්කය හැමවිටම තියාගත්තත් කිසිවිටෙක ජෝ බයිඩන් මරා නොදමන ලෙසයි.

ඒ කාලයේ ඇමරිකාවේ උප ජනපති ලෙස කටයුතු කළ බයිඩෙන් ඉදිරි කාලයේ ජනපති පදවියට පත්වීමට ඉඩ ඇති අයෙකු ලෙසම බින් ලාඩන් සලකා තිබූ අතර ඔහු මරාදැමීම න්‍යායික වශයෙන් අවාසියක් බවත් ඔහු යම් හෙයකින් ඇමරිකාවේ මුල් පුටුවට පත්වෙයි නම් ඉස්ලාම් අධිරාජ්‍යය පිහිටුවීම පහසු වනු ඇති බවත් එම ලිපියේ සඳහන් කර තිබී ඇත.
බින් ලාඩන් අල් කයිඩා සංවිධානයට ‘බයිඩෙන්ට අතනොතබන්න‘ යයි අනතුරු ඇඟවූ බව ලිපියෙන් පෙන්නුම් කෙරේ.
2010 මැයි දිනැති ලිපියෙහි අල් කයිඩා 9/11 මොළකරු ලිවුවේ බයිඩන්ට එරෙහිව තමාට ඝාතන කුමන්ත්‍රණ නොමැති බවයි.ඒ වෙනුවට බින් ලාඩන් තම අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටියේ එවකට ජනාධිපති ඔබාමා ගැන විමසිල්ලෙන් සිටින ලෙසයි.
ඔබාමා සහ එවකට සීඅයිඒ අධ්‍යක්‍ෂ ඩේවිඩ් පෙට්‍රේස්ට අයත් ගුවන් යානා ඉලක්ක කර ගැනීම සඳහා ඉහළ ප්‍රමුඛතාවක් තිබූ බව ඔහු ඔවුන්ට පැවසීය.
ඔබාමා අවිශ්වාසයේ ප්‍රධානියා වන බවත් ඔහුව ඉක්මණින් මරා දැමීමක් කළ හැකි නම් ඉතිරි කාලය සඳහා බිඩෙන් ජනාධිපති ධුරය භාර ගැනීම අල්කයිඩාට වාසිසහගත බව ඔහු පවසා ඇත.
කෙසේ වෙතත් මෙම ලිපියේ කරුණු දෙකක් පෙන්නුම් කර ඇත. එකක් නම් බයිඩෙන් එක්ක වැඩ ලේසි වීමය. දෙවැන්න නම් ඔබාමා මියගොස් බයිඩෙන් ඒ කාලයේ ජනපති වූවේ නම් ඇමරිකාවේ පාලනය අර්බුදයකට තල්ලුවීයාමෙන් අල්කයිඩාවට බොරදියේ මාළු බෑමට වාසියක් උදාවන බවකි.



2011 මැයි 2 දින එක්සත් ජනපද හමුදාව විසින් සිදු කරන ලද වැටලීමකදී ත්‍රස්තවාදියාගේ පකිස්ථානු නිවසේ සඟවා තිබී හමු වූ ලිපි ලේඛන වලින් මෙම ලිපිය සොයාගෙන ඇත.
2006 සහ 2011 අතර කාලය තුළ ලියන ලද මෙම ලේඛන වෙස්ට් පොයින්ට්හි ත්‍රස්තවාදයට එරෙහි මධ්‍යස්ථානය තුළ මේ වනවිට සංරක්ෂණය කර ඇත.

ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම සහ තලේබාන් බලය අත්පත් කර ගැනීම මධ්‍යයේ බින් ලාඩන් විසින් බිඩෙන් පිළිබඳ විවේචනය නැවත මතු වී තිබේ.
කෙසේ වෙතත් තලේබාන් සංවිධානය හා අල්කයිඩා සංවිධානය සටන් කණ්ඩායම් දෙකකි. ඔවුන්ගේ ඇතැම් අරමුණුවල පමණක් සමානකම් තිබේ.
බින් ලාඩන් ලියූ වැකි ඉංග්‍රීසියට හරවා ඇමරිකානු රහස් ඔත්තු සේවය වාර්තා කර තිබුනේ පහත පරිදිය.