
තෙල් හිඟයක් ඉදිරි දින කිහිපයේදී ඇති වන බවට පළවුණ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික සේවක සංගමයේ
ඛනිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්ධන හිඟයක් මතුවන බවට වැරදි ප්‍රකාශයක් සමාජය වෙත මුදාහැර අනවශ්‍ය බියගැන්වීමක් සිදු කළ බව ඔහුට එරෙහි චෝදනාවයි.
ඉකුත් 20 වැනි දින සවස දින දහයකට රට වැසීමේදී ඉන්ධන පිරහුම් පිරවුම් හල අසල මධ්‍යම රාත්‍රිය වන
තෙක්ම දැඩි වාහන තදබදයක් දක්නට ලැබුණ අතර ආනන්ද පාලිතගේ එම ප්‍රකාශය එයට හේතුවී යයි පොලිසය උපකල්පණය කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval