ancient-pharaoh-king-khufus-boat-carried-to-egypt-museum

ඊජිප්තුවේ විසූ පාරාවෝ රජවරුන්ගේ කාලයට අයත් බව පැවසෙන යාත්‍රාවක් එරට ඉදිකළ නවතම ග්‍රෑන්ඩ් ඊජිප්තියානු කෞතුකාගාරයේ තත්පත් කිරීම සඳහා රැගෙන යාම පසුගියදා සිදුවුණු බව වාර්තා පවසයි. 

සුප්‍රසිද්ධ ගීසා පිරමීඩ ආසන්නයේ මෙම නව කෞතුකාගාරය ඉදිකර තිබේ. මෙම යාත්‍රාව අදින් වසර 4,500කට පමණ පෙරාතුව ඊජිප්තුව්වේ විසූ ඉපැරණි බුෆු රජුට අයත් බව පැවසෙයි. මෙම බුහු රජු ක්‍රි.පූ. 2589ත් - ක්‍රි.පූ. 2566ත් අතර කාලයේදී ඊජිප්තුවේ රජකම් කර තිබේ. මෙය සූර්ය යාත්‍රාව ලෙසින්ද හැඳින්වෙයි.පාරාවෝ රජුට සිය මරණයෙන් පසුව ආකාශය හරහා යාත්‍රා කිරීමට මෙය සාදන්නට ඇතැයි විශ්වාස කෙරේ. 1954 වසරේදී මෙම යාත්‍රාව ප්‍රථම වරට සොයාගැනීම සිදුවිය.ලීයෙන් සැදූ මෙම යාත්‍රාව රැගෙන යාම සදහා දැවැන්ත උත්සාහයක් ගැනීමට සිදුවූ බව බලධාරීන් පවසයි.