රට ලොක්ඩවුන් (Lock down) කළ නොහැකි නම් අවම වශයෙන් සති දෙකක කාලයකට හෝ රට ලොකප් කර, පවතින වසංගත තත්ත්වය යම්තාක් දුරකට පාලනය කරගත හැකි බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
රටේ මේ වන විට පවතින වසංගත තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්යවරයා මේ බව
පැවසීය.
මහාචාර්යවරයා අවධාරණය කළේ, ආර්ථික තත්ත්වය මත රට ලොක්ඩවුන් කළ නොහැකි නම්, අනිවාර්යයෙන්ම
රට ලොකප් කළ යුතු බවත් එසේ නොකළහොත් වසංගත තත්ත්වය පාලනය කර ගත නොහැකි වනු ඇති බවත්ය.
පවතින වසංගත තත්ත්වය දරුණු වී ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.
“ලොක්ඩවුන් කියන්නේ ඔක්කොම වහලා දාන එකනේ. ඇඳිරි නීතිය වගේ දාන්න නේ. ලොකප් කියලා කියන්නේ.
අනවශ්‍ය ආයතන ටික ඔක්කොම වහලා, අනවශ්‍ය දේවල් ටික වහලා, ආර්ථිකයට අත්‍යවශ්‍ය දේවල්
විතරක් ක්‍රියාත්මක කරලා සංචරණ සීමා තදින්ම කරන්න.
උදාහරණයක් වශයෙන්, මොනවා හරි ආණ්ඩුවේ ආයතන තියෙනවා නම් ඒ ආයතන ප්‍රධානීන්ට භාර දෙනවා.
ඒ ගොල්ලොන්ට අවශ්‍ය විධියට මේක දුවන්න. ආයතනයක් තියෙනවා නම් පුළුවන් තරම් ඒ පළාතේම
මිනිස්සුන්ගෙන් දිවුවනම් හරි, පිට පළාත්වලින් ගේන්නේ නැතුව. එතකොට ඒ පළාත ලොකප් වෙලානේ
තියෙන්නේ. හැබැයි ඒ පළාතේ අත්‍යවශ්‍ය දේවල් සිදුවෙනවා.
ඉතින් ලොක්ඩවුන් එකක් බැරි නම්, හැමදාම කියනවනේ ආර්ථික අතින් බෑ කියලා.
එහෙම බැරි නම්, මඟුල්
ගෙවල් ඔක්කොම නවත්තන්න ඕනේ. එතකොට හොටෙල්, බාර් ඒ ටික වහලා සති දෙකක්වත් අවම වශයෙන්
එහෙම කෙරුවා නම් අපිට මේක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මොනවත් නොකර හිටියොත් නම් බැහැ.
තාරක සම්මාන්, කුමුදු උපුල් ශාන්ත
0 Comments