අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එමෙන්ම පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද අත්හිටුවනු ඇත.
ඒ අනුව සංචාරක, වරාය, ඇඟලුම් කර්මාන්ත ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර හිමිවේ.
දිවයින පුරා ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීමේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සඳහන් එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම ලබන මස 15 වැනිදායින් පසු අනිවාර්ය කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
0 Comments