පසුගිය කාලයේ මහත්ආන්දෝලනයට තුඩුදුන් කොරෝනා සුවකරන බවට කෑගල්ලේ කට්ටඩි මහතෙකු හඳුන්වා දුන් ‘ධම්මික පැණිය‘ වැඩිපුර ප්‍රවර්ධනය කරන ලද්දේ ටීවී දෙරණ නාලිකාවේය.
ශ්‍රී ලංකාවට චීන එන්නත් ලැබෙනතුරු වෙනත් එන්නත් ඇණවුම් කිරීමට රජය උනන්දු නොවූ බවට හා ඒ අතර කාලය තුළ ජනතාවට විසඳුමක් සැපයීමට කට්ටඩි මහතෙකු වෙදෙකුට අන්දවා පැණියක් ප්‍රකට කල බවට රාවයක් පවතින අතර එහි වාසනාවන්තයා වූයේ කෑගල්ලේ ධනපාල කංකානම්ගේ මහතා බවද ඒ සමග කියැවිණි.
මෙහිදී අදාළ පැණිය ප්‍රචාරණය පිණිස රූපවාහිනී වැඩසටහන් සඳහා ධම්මිකට ඇරයුම් ලැබුණ අතර ඇමතිවරුන්ට කතානායකට ඒවා පිළිගන්වා ඒවාට විශාල ප්‍රසිද්ධියක්ද ලබාදුණි. ධම්මිකගේ නිවස්නය වෙත පිරිස් ඇදී යන අයුරු වරින්වර වාර්තා කිරීමට රූපවාහිනී නාලිකා ප්‍රධාන ප්රවෘත්ති විශේෂ වේලාවක් වෙන් කිරීමද සිදුවිය. පසුකාලීනව ධම්මික පැණිය විද්වතුන් හමුවේ අනුමත නොවූ නමුත් එම ප්‍රතිඵලයන්ද වෙනස් ආකාරයට වාර්තාකරමින් එය වෙත ආකර්ෂණය අඛණ්ඩව තබා ගැනීමට එම ඇතැම් නාලිකා කටයුතු කරන ලදි.
ධම්මික ‘මම කාලි ඔබ වහන්සේගේ අම්මා‘ යයි ශ්‍රී මහා බෝධි ප්‍රධාන හිමිපාණන්ට කෑගැසූ හැටි වාර්තා කළේ සිරසයි. අනතුරුව සමාජ මාධ්‍ය තුළ ඔහු පෝලිමේ සිටි අයට කෑගසන අයුරුත් ‘ආහාර අතිරේකයක් ලෙස අනුමත වූ බවට‘ ආයුර්වේද සහතිකය ගෙනවිත් දුන් විට ඉරාදැමූ අයුරුත් හිරු ,සිරස ආදී නාලිකා වාර්තා කර තිබුණි.
මාස ගණනාවකට පසු ධම්මික පැණියේ කතාව පසුගිය සතියේ අවසන් වූයේ එය පාවිච්චියට නොගන්නා ලෙසත් එය තහනමට ලක්කරන බවත් රජය නිල නිවේදනයකින් ප්‍රචාරය කිරීම නිසාය.
කලකිරීමට පත් ධම්මික සිය පැණිය අඩංගු බෝතල් විශාල තොගයක් වළ දමන ලද බව වාර්තා විය.
මෙම පුවත දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රචාරය වූයේ නැත. නමුත් එම මාධ්‍ය ජාලයට අයත් ‘අරුණ‘ පුවත්පත වාර්තා කර තිබුනේ පහත පරිදිය.
0 Comments