ප්‍රාදේශීය පොලිස් මූලස්ථානවලට පමණක් සීමා වී තිබෙන ඇගිලි සලකුණු ලබාගැනීමේ ස්කැනර් යන්ත්‍ර සෑම පොලිස් ස්ථානයක් වෙත ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමත්යශය සඳහන් කරය මීට අදාළව මුදල් වෙන් කිරීම සිදුකර තිබෙන බවත්,
1908දී ඇගිලි සටහන් කාර්යාංශය ලෙස ආරම්භ කරන ලද මෙම කොට්ඨාසය ක්‍රමිකව නවීන තාක්ෂණය භාවිත කරමින් විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ අපරාධ විමර්ශනය සඳහා සහාය වෙන බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. මේ අනුව අපරාධ කොට්ඨාසය පසුගියදා අමාත්‍යවරයාගේ නිර්ක්ෂණයට ලක් වී තිබෙන අතර, දිවයින පුරා පිහිටා ඇති අපරාධ වාර්තා කොට්ඨාසයේ ශාඛාවන් මගින් සිදුකරන ස්වාවවලදී අදාළ නිලධාරීන් විසින් අපරාධකරුවන්ගේ විවිධි දත්ත බස් රථවලින් ගෙන යාම නතර කිරීම සඳහා අදාළ කොට්ඨාස විසිහත සඳහා ත්‍රිරෝද රථ විසිහතක් ලබාදී තිබේ. මීට අමතරව ප්‍රධාන කාර්යාලයේ කටයුතු සඳහා ත්‍රිරෝද තුනක් ලබාදී තිබෙන අතර, ලංකාව තුළ සිදුවන අපරාධ සම්බන්ධයෙන් ඇඟිලි සටහන් සම්බන්ධ විශේෂඥ සාක්ෂි ලබාදීම සහ අපරාධකරුවන් ලේඛනගත කිරීම ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ වාර්තා කොට්ඨාසය මගින් සිදුකරනු ලබයි.
0 Comments