
වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලකරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව විසින් අද දිනයේ මහනුවර සිට කොළඹට සංවිධානය කර තිබූ විරෝධතා පා ගමන අත්හිටුවා තිබේ.
කොවිඩ් 19 දැඩි ව්‍යාප්ති අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බව පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ සඳහන් කළහ.
එම පාගමන අද උදේ ගමන් අරඹා පැමිණෙමින් තිබු නමුත් පසුව අත්හැර දමන්නට තීරණය විය.
මෙම විරෝධතා නතර කරන ලෙස ගුරු විදුහල්පතිවරුන්ගෙන් විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමයද ඊයේ ඉල්ලීමක් කරන ලදී.
පවතින තත්ත්වය අනුව එළඹෙන සතිය තුළද උද්ඝෝෂණ සංවිධානය නොකිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර ඇති බව දැනගන්නට ලැබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval