ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු ඇරිසෝනා ප්‍රාන්තය වෙත පසුගියදා ඇතිවුණු මෝසම් වර්ෂාවෙන් හටගත් දරුණු ගංවතුර හේත්තුවෙන් හිටපු ජනපති ට්‍රම්ප් විසින් මෙක්සිකෝ දේශසීමාව හරහා ඉදිකරන ලද තාප්පයේ කොටස් ස්ථාන කිහිපයකින්ම කැඩී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
දැවැන්ත ලෝහ කොටස් යොදා ගනිමින් මෙම තාප්පය ඉදිකළ අතර, මෙක්සිකෝවේ සිට අනවසර සංක්‍රමණිකයන් ඇමෙරිකාව වෙත ඇතුළුවීම වැළැක්වීම එහි අරමුණ විය. ඒ අනුව මේ වනවිට එම ලෝහ කොටස් ගංවතුරත් සමග පැමිණි මඩ හේතුවෙන් ඇලවී තිබෙන බවත්, දැන් එම තාප්පයේ ස්ථාන කිහිපයකින්ම හිඩස් මතු වී තිබෙන බවත් සදහන් වෙයි. හිටපු ජනපති ට්‍රම්ප් 2015 වසරේදී සිදුකළ සිය මැතිවරණ ව්‍යාපාරය තුළ මෙම තාපය සම්බන්ධයෙන් ජනතාවට පොරොන්දු ලබාදී තිබූ අතර, ජනපති ලෙස පත්වීමෙන් අනතුරුව අනෙකුත් රාජ්‍ය ව්‍යාපෘති සඳහා වෙන්කර තිබූ මුදල්ද මේ සඳහා යෙදවීමට ඔහු පියවර ගත්තේත්ය.
එහිදී ඔහු මෙම ව්‍යාපෘතිය ජාතික හදිසි අවස්ථාවක් ලෙසද ප්‍රකාශයට පත්කර තිබුණි.කෙසේ වෙතත් මෙම තාප්පය ඉදිකිරීම පාරිසරික සහ සංස්කෘතික ආරක්ෂක නීති පිළිබඳ නොසලකමින් සිදු කරවන්නක් බවටද බොහෝ පිරිස් විවේචනයකර තිබුණි. මෝසම් වර්ෂාවෙන් තාප්පය වෙත සිදුව ඇති හානියක් පිළිබඳ අදහස් දක්වන එක්සත් ජනපදයේ රේගු සහ දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු, මෙම හානිය පිළිබදව ඇස්තමේන්තු කිරීමත් අවශ්‍ය අලුත්වැඩියා කිරීම් සඳහා වන පියවරත් මේ වනවිට ගනිමින් සිටින බව පවසා තිබේ.ආසන්න වසර කිහිපයේදීම ඇරිසෝනා ප්‍රාන්තය දැඩි නියග තත්වයකින් පෙළුණු අතර, පසුගියදා ඇති වූ මෙම වර්ෂාව එතෙක් මෙතෙක් ඒ වෙත ලැබුණු වාර්තාගත වර්ෂාපතනයක් ලෙසත් සැලකෙන බව ජාතික කාලගුණික සේවාව පවසයි.
0 Comments