ලොව ප්‍රථම වරට ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය යොදා ගනිමින් නිපදවූ පාලමක් පසුගියදා නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවරදී මහජනතාවට විවෘත කෙරුණු බව වාර්තා වෙයි. වසර හයක් පුරා ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක ප්‍රතිඵල ලෙස මෙම පාලම ඉදිකර තිබේ.ලොරිස් ලාන් නමැති නිර්මාණකරුවා විසින් සැලසුම් කර ඇති මෙම ත්‍රිමාන මුද්‍රිත පාලම නෙදර්ලන්තයේ රොබෝ තාක්ෂණික සමාගමක් වන MX3D සමාගම මගින් ඉදිකර තිබේ. මීටර් 12ක දිගකින් යුතු මෙම පාලම මලනොබැදෙන ලෝහ කිලෝග්‍රෑම්4,500ක් භාවිත කරමින් ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයක් ආධාරයෙන් නිර්මාණයක් කර තිබේ.
මාස හයක කාලයක් මෙය නිපදවීමට ගත වී ඇති අතර, මේ වසරේදී එය ඇමස්ටර්ඩෑම් නුවර ඇළ මාර්ගයක් හරහා පිහිටුවීම සිදුකර තිබේ. මෙවැනි ඉදිකිරීම් සඳහා ත්‍රිමාන තාක්ෂණය යොදාගැනීම හරහා වඩාත් ඉහළ කාර්යක්ෂමතාවක් සහ අමුද්‍රව්‍ය භාවිතයේ අඩුවීමක් සිදුවන බව මෙම නිර්මාණයට සම්බන්ධ වූ කණ්ඩායම පවසයි.
0 Comments