කොළඹ සිට ගාල්ල, මාතර දක්වා සහ මාතර සිට කොළඹ දක්වා අත්‍යවශ්‍ය රාජකාරි සඳහා යයි මගීන් රැගෙන යන පෞද්ගලික බස් රථයේ 03 වැනිදා උදෑසන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා ඇතුළු එම අධිකාරියේ නිලධාරීහු පොලිසිය සමග එක්ව අලුත්ම නගරයේ දී සිදු කළහ. 



එහිදී ගාල්ලේ සිට කොළඹ දක්වා කාර්යාල සේවකයන් රැගෙන යන බස් රථයක් පරික්ෂා කිරීමේදී බලපත්‍ර නැති සාමාන්‍ය මගියකු ගාල්ලේ අවමගුල් නිවෙසකට කොළඹ සිට ගොස් ආපසු එමින් සිටියදී අලුත්ගමදී පරික්ෂාවට ලක්විය. මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් එම පුද්ගලයා අලුත්ගමින් බැස්සවීමට කටයුතු කරන අතරතුර, එම බසයේ ගමන්ගත් කාර්යාල සේවක මගීන් විශාල පිරිසක් බස් රථයේ කොන්දොස්තරවරයාට මෙන්ම,අනාරක්ෂිත අයුරින් කාර්යාල සේවකයකු ලෙසින් ගමන් කළ මගියාට දැඩි සේ චෝදනා කිරීමේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

මෙම කාර්යාල සේවකයන් සමග එම පුද්ගලයා රැගෙන ආ රියැදුරු කොන්දොස්තර දෙදෙනාට පොලිසිය හා මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරින් අවවාද කර දඩ නියම කිරීමට කටයුතු කළ අතර, කොළඹ සිට සෞඛ්‍ය අමාත්‍යාංශ සේකයන් රැගෙන යන මුවාවෙන් මාතර දෙසට ගමන් ගත් තවත් බස් රථයක් පරික්ෂා කිරීමේ දී එහි ද සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නොවන සේවකයන් දෙදෙනකු ද බස් රථයේ සිටියදී පරීක්ෂාවට ලක් වූ බව සභාපතිවරයා කීය. කටුනායක සිට මාතර දක්වා ද කාය මණ්ඩල සේවකයන් ප්‍රවාහනය කරන මුවාවෙන් වෙනත් මගීන් රැගෙන ගිය බස් රථයක් වෙත ද දඩ පත්‍රිකා ලබා දී දැඩි අවවාද කළ බව හෙතෙම කීය.



අලුත්ගම දී පැය තුනක පමණ කාලයක් සිදුකළ පෞද්ගලික බස් රථ පරීක්ෂාවට ලක් කිරීම සඳහා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කළුතර ප්‍රාදේශීය කාර්යාල කළමනාකරු ප්‍රසන්න කුරේ, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අලුත්ම ස්ථාන භාර නිලධාරි ඩබ්ලිව්.හසිත මධුෂ ද සිල්වා යන මහත්වරුන් සමඟ අලුත්ගම පොලිසියේ රථවාහන අංශ නිලධාරීහු හා මාර්ගස්ථ මගී ප්‍රචාහන අධිකාරියේ මාර්ග පරීක්ෂක නිලධාරිහු සහභාගි වී සිටියහ.

(අලුත්ම තුසිත කුමාරද සිල්වා)