The-highest-number-of-daily-infections-in-India-in-the-last-two-months

මාස දෙකක් තුළ ඉන්දියාවෙන් හමුවූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව පෙරේදා (28 වැනිදා) වාර්තා වී තිබේ. එය 46,700කට වැඩිය. එය පිට පිට ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හතළිස් දහස ඉක්මවූ තුන්වන දිනයය. එරට සමස්ත ආසාදිතයන්ගෙන් 89.42%ක්ම වාර්තා වන්නේ ප්‍රාන්ත පහක් තුළිනි.  ඒ කේරළ, මහාරාස්ට්‍ර, තමිල්නාඩු, ආන්ද්‍රා ප්‍රදේශ් හා කර්නාටක යන ප්‍රාන්තය. ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් මරණ 509ක් වාර්තා වී ඇත. වැඩිම සංඛ්‍යාව වූ 179 සිදුවී ඇත්තේ කේරළ ප්‍රාන්තයෙනි. එසේම මහාරාෂ්‍ට්‍රයේ කොවිඩ් මරණ 110ක් සිදුවී තිබේ.



කෙසේ නමුත් මේ වනවිට ඉන්දියාවේ කොවිඩ් මරණය ප්‍රතිශතය පහළ බැස ඇත. සුවය ලබන ප්‍රතිශතය 97.56%කි. එරට සෞඛ්‍ය අංශ අනාවැකි පළකර ඇත්තේ ඉන්දියාවට ඉක්මනින්ම තුන්වන රැල්ලකට මුහුණදීමට සිදුවනු ඇති බවයි. ඒත් දැනට වඩාත්ම තර්ජනයට ලක්වී ඇත්තේ කේරළයයි. ඉන්දියාවෙන් පෙරේදා වාර්තා වූ ආසාදිතයන්ගෙන් 70.15%ක්ම හමුවී ඇත්තේ කේරළ ප්‍රාන්තයෙනි. මේ අතර පසුගිය සිකුරාදා ඉන්දියාව කොරෝනා පාලනය සම්බන්ධ විශාල කඩඉමක් පසු කළේ පැය 24ක කාලයක් තුළ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා කෝටිය ඉක්මවා ලබාදීමෙනි.

(වසන්ත විජේරත්න)