Aluthgama-student-who-was-robbed-by-police-has-died-after-falling-under-a-stone-wall

දර්ගා නගරය, වැලිපිටිය එස්.එම්. පාර ප්‍රදේශයේ නිවෙසක ඉදිකරමින් තිබූ ගල් බැම්මක් ඇගට වැටී 9 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ දර්ගානගරය, වැලිපිටියේ පදිංචිව සිටි මොහොමඩ් රිද්මාන් මොහොමඩ් අස්ජඩ් (9) නමැති දරුවන් සිව් දෙනෙකුගේ පවුලේ දෙවැනි දරුවා බව පොලිසිය කියයි.



මෙලෙස මියගොස් ඇති දරුවා සිය බාල සොයුරන් දෙදෙනා සහ වැඩිමල් සොයුරා සමග සිය නිවෙසේ "හොරා පොලිස්' සෙල්ලම් කරමින් සැඟවෙන්නට යාබද ඉදිකරන නිවෙසේ ජනෙල් මට්ටමේ බැම්මකට නැගීමට යාමේදී එම බිත්තිය මෙම දරුවාගේ ඇඟට වැටී බරපතළ තුවාල ලබා ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මූලික විමර්ශන සිදුකළ පොලීසිය කියයි.

මියගිය දරුවාගේ පී.සී.ආර්. පරීක්ෂණය සිදු කිරිමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඥාතීන්ට බාරදුන් දේහය පෙරේදා 28 වැනිදා වැලිපිටිය ඉස්ලාම් දේවස්ථානයේදී අවසන් කටයුතු සිදු කළ බව අලුත්ගම පොලිසිය කියයි.කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස, නිශාන් සිල්වා, සහකාර පොලිස් අධිකාරි රමිඳු ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත අළුත්ගම පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපති එස්. සුබසිංහ මහතා සමග පොලිස් කොස්තාපල් සමීර යන මහත්වරු පරීක්ෂණ සිදු කරති.

(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)