නීතිඥ ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනකු වූ ජනාධිපති නීතිඥ ඩී.එස්. විජේසිංහ මහතාත් නීතිඥ ගෞරී සංගරී තවරාසා මහත්මියත් කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්වූහ. කොවිච් ආසාදිතව දින කිහිපයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ජනාධිපති නීතිඥ ඩී.එස්. විජේප්සාහ මහතා පෙරේදා (24 වැනිදා) ද
නීතිඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය ඉකුත් 23 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ද මියගොස් ඇත. මියගිය විජේසිංහ මහතා දීර්ඝ කාලයක් නීතිපති දෙපාර්තමේන්තූව්වේ සේවය කර ඇති අතර එහි ජ්‍යෙෂ්ඨ තනතුරු ගණනාවක්ම හෙබවීය. එම දෙපාර්තමේන්තුව්වෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව පෞද්ගලික නීතිඥවරයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ විජේසිංහ මහතා ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයෙක් ද වෙයි.
මානව හිමිකම් නඩුවලදී උපදෙස් දීමේ කටයුතු සදහා වඩාත් ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන ගෞරී සංගරී තවරාසා මහත්මිය කොවිඩ්-19 ආසාදිතව දින කිහිපයක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූවාය.. ජනාධිපති නීතිඥ කේ.වී. තවරාසා මහතාගේ භාර්යාව වන ගෞරී සංගරී තවරාසා මහත්මිය මෙරට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් හා උතුරු හා නැගෙහිර පළාත් සාමාන්‍ය ජනතාවගේ මුලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි කීර්තිමත් නීතිඥවරියක වූවාය.අපරාධ නීතිය, සිවිල් නීති ආදී ක්ෂේත්රවල නඩුවලට ද ඇය පෙනී සිටියාය.
(තිළිණි ද සිල්වා)
0 Comments