ඇෆ්ගන් තලේබාන්  පාලනය ප්‍රතික්ෂේප කරමින්, ගුවන් මගින් ඇෆ්ගනිස්ථානයෙන් පළායමින් සිටි ඇෆ්ගන් ගැබිනි කාන්තාවක ගුවන් යානය තුළ සිය දරු ප්‍රසූතිය කළ බව විදෙස් මාධ්‍ය වාර්තතා කරයි.  සෝමන් නූරි නමැති මෙම කාන්තාව සමග 30 හැවිරිදි සැමියා මෙන්ම අනෙක් දරුවන් දෙදෙනා ද එම යානයේ සිට ඇත.

 

ඔවුන් ඇතුළු සෙසු ඇෆ්ගන් සිවිල් වැසියන් කාබුල් සහ  ඩුබායි හරහා බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් බලා රැගෙන යෑම  සිදුවූයේ තුර්කි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකිනි. ගුවන් යානය කාබුල් අගනුවරින් පිටත් වී ඇත්තේ, තලේබාන්වරුන් කාබුල් අල්ලා ගැනීමටත්, කාබුල් තොටුපොළ වාණිජ ගුවන් යානා සඳහා වසා දැමීමටත් පෙරය.

අඩු 30,000ක් උස දී ඇය දරු ප්‍රසුතිය කළ බවත්, ගුවන් සෙවිකාවන්ගේත් ගුවන් යානයේ සිටි සෙසු ඇෆ්ගන් කාන්තාවන්ගේත් සහාය 26 හැවිරිදි සෝමන් නූරිට හිමිවුණු බව පැවැසෙයි. ඇය ප්‍රසූත කළේ බිලිඳියකි. මෙම යානයේ වෛද්‍යවරයකු නොසිටි නමුත් ගුවන් සේවිකාවන්ට දරු ප්‍රසුතියකදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පුහුණුවක් ලැබී තිබුණි.  එම පුහුණුව තමන්ට උපකාරී වුණු බවත්, බිලිඳියත් මවත් යහතින් බර්මින්හැම් වෙත රැගෙන යෑමට හැකිවුණු බවත් ගුවන් සේවිකාවෝ පසුව පැවැසූහ.  දරු ප්‍රසූතිය සිදුවූයේ සවස් කාලයේ බැවින්, බිලිඳියට ‘හවා' යන නම තැබුණු බව ද පැවැසෙයි. 'හවා' යන්නෙහි අරුත ‘සැන්දෑව' යන්නය.

 (ඩේලිමේල් ඇසුරිනි)