දිගු කලක් ඔත්පල වී ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයකු තම නිවසේදී මියගිය විට එම මරණය සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණය කළ යුතු නැද්ද? යන්න තීරණය කිරීමේ බලය ඇත්තේ අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට බව වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රන්ජන්ද සිල්වා මහතා කියයි. වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ කුඩා වස්කඩුව දකුණ ග්‍රාම නිලධාරි පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනකු මිය යෑමෙන් පසු පී.සී.ආර්. පරික්ෂණ නොකර එම මෘත දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ජනතාව නගන චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමක දී වෛද්‍ය රන්ජන් ද සිල්වා මහතා එසේ කීය.
මියගිය තැනැත්තා හෝ තැනැත්තියගේ පවුලේ කිසියම් අයකු ආසාදිතව හෝ නිරෝධායනය වී නොමැතිනම් හා එම ප්‍රදේශය අවදානම් ප්‍රදේශයක් නොවන්නේ යැයි හැඟෙන්නේ නම් අදාළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට එම මරණයට,
පී.සී.ආර්. පරිණෙයක් කිරීම අවශ්‍ය නොවන බවට ලිපියකින් අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට නිර්දේශ කළ හැකි බව හෙතෙම කියයි.. ඒ අනුව එම අදාළ බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට ඔහුගේ හෝ ඇයගේ මරණ පරික්ෂණ සහතිකය ලබාදිය හැකි බවත් කෙසේ වෙතත් පිළිගත් වෛද්‍යවරයකු ලවා මරණය පිළිබඳ පරික්ෂණයක් කර සහතික කරගත යුතු බවත් සිල්වා මහතා කියයි.
මියගිය පුද්ගලයා නිවසේ දිගුකාලයක් ඔත්පල වී මියගියත් කාගෙන් හෝ එම පුද්ගලයාට කොරෝනා ආසාදිත වී ඇතැයි සැක කරන්න පුළුවන්. නමුත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් දුරට මළ ගෙවල්වලට යාමෙන් වැළකී සිටින ලෙසයි. එය වර්තමානයේ රටේ පවතින වාතාවරණය අනුව වඩාත් කාලෝචිත බවත් වෛද්‍ය ද සිල්වා මහතා කීය.
-හේමන්ත සිල්වා-
0 Comments