සිරගතව සිටින බොලිවියාවේ හිටපු ජනාධිපතිනී ජේනින් ආනෙස් සිරමැදිරිය තුළදී සියදිවි නසා ගැනීමට උත්සාහ ගෙන ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත් එහි සිටි ආරක්ෂකයන් ඇය ඉන් මුදවා ගෙන ඇති අතර, පසුව රෝහල්ගත කර තිබේ. මේ වනවිට ඇයගේ තත්වය යහපත් බව පැවසෙයි. පසුගියදා එරට අධිකරණය විසින් ඇයට එරෙහිව සමූල ඝාතන සිදුකිරීමේ චෝදනාව එල්ල කිරීමත් සමග ඇය මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ ගෙන ඇත.
2019 වසරේදී එරට තුළ ඇති වූ විරෝධතාවක් අතරතුරදී ඇගේ නියෝගයෙන් විරෝධතාකරුවන් පිරිසක් ඝාතනයට ලක්වූ බව අධිකරණය මෙහිදී තීරණය කර ඇත.මේ වනවිට හිටපු ජනාධිපතිනිය සිය පවුලේ සාමාජිකයන්ද සමග රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර අධ්යක්ෂවරයා සඳහන් කර තිබේ. එය ඇයගේ ඉක්මන් සුවවීමට හේතුවක් වනු ඇතැයිද ඔහු පවසා ඇත. හිටපු ජනපතිනියගේ දියණිය සඳහන් කරන ආකාරයට සිය මව පත්ව සිටි දරුණු විෂාදය තත්වය මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුවක් වන්නට ඇතැයි පැවසෙයි.
0 Comments