covid to the baby born to a woman in Badulla infected with covid

කෝවිඩ්-19 ආසාදනය වූ ගැබිනි කාන්තාවකට සිදුකළ සිසේරියන් සැත්කමකින් බිහිවූ බිළිදාටද කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි බදුල්ල මහ රෝහල පවසයි.කෙසේ නමුත් මව සහ බිළිදා සුව අතට පත්ව ඇතැයි සෞඛ්‍ය කාර්යමණ්ඩලය පවසා සිටියි.

බදුල්ල, දෙමෝදර පදිංචි බිළිඳාගේ මව වන තරුෂි නිසංසලා (අවු.29) මහත්මිය සහ පියා වන සුමුදු චිත්තක මහතා පැවසූවේ, බදුල්ල මහ රෝහලේ රෝගී සක්කාරය ඉතා විශිෂ්ට අන්දමින්. සිදු වූ නිසා ජීවිත බේරාගැනීමට හැකි වූ බවයි. සැබෑ දෙවිවරු නම්, සුව විරුවන් බවත්, සුවය ලැබූ බිරිද හා බිළිඳා ගිලන්රථයක් මගින් නිවසටම ගොනැවිත් බාරදීමට රෝහල් බලධාරින්  කටයුතු කළ බවත් සුමුදුචින්තක මහතා පැවසීය. එසේම මව සහ බිළිදා සුවෙන් පසුවන බව වෛද්‍යවරු වැඩිදුරටත් පවසා සිටියහ.

(බදුල්ල- පාලිත ආරියවංශ)