රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුවියක් විභාගය සමත් බවට ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි කරාපිටිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති කාර්යාලයේ පරිගණක නිලධාරිනිය එළඹෙන (02දා) දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
පොලීසියට ලැබී ඇති පැමිණිල්ල අනුව මාතර පාලටුව.පදිංචි අම්බලගොඩ වඩුන්ගේ නිරාෂා නමැති තරුණිය නාවික හමුදාවට බැඳී පසුව 2013 වසරේ වෙද සිසුවියක ලෙස කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළත්ව ඇත.මේ අතර 2015 වසරේ වෛද්‍ය පීඨය විසින් පවත්වන ලද පළමු විභාගයෙන් ඇය අසමත්ව තිබේ. එහෙත් ඇය වෛද්‍ය පීඨයේ පීඨාධිපතින්ගේ සහ නියෝජ්‍ය ලේඛකාධිකාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා විභාගය සමත් බවට ව්‍යාජ ලේඛනයක් සාදා නාවික හමුදා මූලස්ථානයට යවා ඇත. පසුව ඇයගේ නිලය උසස් කිරීමට නාවික හමුදාව වෛද්‍ය පීඨයෙන් කරුණු විමසූ අවස්ථාවේ අනාවරණය වී ඇත්තේ ඇය ව්‍යාජ ප්‍රතිඵල ලේඛනයක් සාදා නාවික හමුදා මූලස්ථානයට යවා ඇති බවයි.
එම ව්‍යාජ ලේඛනයේ පිටපතක වෛද්‍ය පීඨයේ ප්‍රතිඵල ලේඛන සටහනටද ඇතුළත් කර ඇත.
පසුව මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ වෛද්‍ය පීඨයේ පාලනාධිකාරිය විසින් නියෝජ්‍ය ලේඛකාධිකාරිවරියගේ වැඩ තහනම් කර ඇත. ඉන්පසු ඇය විසින් මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කර ඇති අතර සැකකාරියගේ ශිෂ්‍ය භාවයද අහෝසි කර ඇත. පොලීසිය විසින් සැකකාරිය නාවික හමුදා මූලස්ථානයට ඉදිරිපත් කරන ලද විභාග ප්‍රතිඵල ලේඛනය අධිකරණ නියෝග මත රජයේරස පරීක්ෂකවරයාට යවන ලද අතර රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කර ඇත්තේ එහි අත්සන් වෛද්‍ය පීඨයේ පීඨාධිපතින්ගේ සහ නියෝජ්‍ය ලේඛකාධිකාරිවරියගේ නොවන බවය.
ඒ අනුව මෙයට. පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකාර තරුණිය මේ වනවිට ඇප මත මුදා හැර තිබේ.මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර කරාපිටිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති - ගල්පරිභාන කර්යාලයේ පරිගණක නිලධාරිනිය නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ එළැඹෙන (02දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස
(රවිඳු දියගහගේ )
0 Comments