Japanese Olympic Games begin and end with the virus - Final medal note

වසර 57 කට පසු ජපානයේ පැවති සිව්වන ඔලිම්පික් උළෙල ලෝකයම දැඩි පීඩාවකට පත්වූ අවස්ථාවක නරඹන්නන් රහිතව පවත්වන්නට යෙදුණි. උළෙල පැවැත්වූ සති දෙක තුළ ඊට සහභාගීවූ  ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාර්ය මණ්ඩලය, මාධ්‍යවේදීන් සහ අමුත්තන් සඳහා  දස දහස් ගණන් කොවිඩ්19 පරීක්‍ෂණ පැවැත්වූ අතර 400 කට වඩා වැඩි ප්‍රමාණයක් කොරෝනා සදහා ධනාත්මක විය.ඒ නිසාම ක්‍රීඩකයින් රැසකට තරග අවස්ථාද අහිමි විය.


අද (08) ඉරිදා සමාප්ති උත්සවයද සෞඛ්‍ය රෙගුලාසි අනුව පැවැත්වූයේ නරඹන්නන් නැතිවය.


ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටියේ සිටගෙන සිටියදී, ක්‍රීඩාංගණයේ දෙපස ඩිජිටල් ලකුණු පුවරුවල සංවිධායකයින් විසින් “ෆෑන් වීඩියෝ මැට්‍රික්ස්” යනුවෙන් හැඳින්වූ අයිතමයක් දිස් කළ අතර නරඹන්නන් විසින් උඩුගත කරන ලද විඩියෝ ඇමතුම් එහි ඇතුළත් විය.
ජාතික කොඩි රැගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෙරහැර පවා මෙවර සීමාකම් සහිතව පවත්වන්නට යෙදුණි.
ඇලිසන් ෆීලික්ස් එක්සත් ජනපදයේ 11 වන පදක්කම ලබා ගැනීම , පිහිනුම් රන් පදක්කම් ලාභී ඇමරිකානු කෙලෙබ් ඩ්‍රෙසෙල්ගේ විශ්මය ජනක දස්කම් , ස්කේට් බෝඩිං සහ නව ක්‍රීඩා මතුවීම, සත්කාරක රට වන ජපානයේ විශාල පදක්කම් ප්‍රමාණයක් අත්කර ගැනීම මෙවර කතා බහට ලක්වූ මාතෘකා අතර තිබේ.
මෙවර වැඩිම සමස්ත පදක්කම් ගණන හා වැඩිම රන් පදක්කම් ගණන දිනුවේ ඇමරිකාවයි. දෙවැනි තැන චීනයයි. ජපානය,බ්‍රිතාන්‍යය ,රුසියාව හා ඕස්ට්‍රෙලියාව ඊළඟට දස්කම් දක්වන ලදි.

ඊළඟට 2021 අගොස්තු 24 සිට ටෝකියෝහිදී පැරා ඔලිම්පික් තරගාවලිය පවත්වන්නට නියමිත අතර
2024දී ප්‍රධාන ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවර පවත්වන්නට නියමිතය.

පහත පළවන්නේ පදක්කම් එකක් හෝ ලබාගන්නට හැකිවූ රටවල් ලැයිස්තුවයි.

Japanese Olympic Games begin and end with the virus - Final medal note