රසායනික පළිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළිබෝධනාශක අනතුරුදායක වර්ගීකරණයට අනුව,
තුන්වන හා හතරවන පන්තියේ පළිබෝධනාශක කාෂිකර්ම දෙපාර්තමේන්තුවේ තීරණයකට යටත්ව ආනයනය සඳහා අවසර දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යෝජනා කර ඇත. බනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) කෘෂි රසායන අංශය මගින් හෝ දේශීය නියෝජිත සමාගම් වෙතින් එම කෘෂි රසායන ආනයනය කර, සිපෙට්කෝ කෘෂි රසායන අංශය සතු ගබඩාවල ගබඩා කිරීමටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඒවා අලෙවි කිරීමටත් අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් කරනු ලැබ ඇත.
එම කෘෂි රසායන නිකුත් කිරීම කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පත්කරනු ලබන නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද ඇමැතිවරයා යෝජනා කර ඇත. වී වගාවේ දුඹුරු පැළ කීඩෑ හානිය, බඩඉරිඟු වගාවේ සේනා දළඹු හානිය, අර්තාපල් වගාවේ දිලීර හානිය වැනි වසංගත රෝග සඳහා පිළියමක් ලෙස රසායනික පලිබෝධ නාශක සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට මේ යටතේ අපේක්ෂා කෙරේ. වගාවන් සඳහා ස්වභාවික පළිබෝධ නාශක මර්දන ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස රජය උපදෙස් දී ඇතත්, ඒ සම්බන්ධයෙන් බහුතර ගොවීන්ගේ පවතින්නේ අඩු පළපුරුද්දක් හා අඩු දැනුමක් බව ඇමැතිවරයා පෙන්වා දී ඇත. රසායනික පොහොර සහ රසායනික පළිබෝධ නාශක භාවිතය මහ කන්නයේ සිට නතර කිරීමට රජය මීට පෙර පියවර ගෙන තිබිණි.
- අජන්ත කුමාර අගලකඩ-
0 Comments