Taliban shoot and kill Afghan women not wearing burqas

ඇෆ්ගනිස්තානයේ උතුරුදිග ටබාර් පළාතේ පිහිටි ටලෝකාන් නගරයේදී බුර්කාව නොඇදි කාන්තාවකට තලේබාන් සංවිධානයේ සාමාජිකයෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊයේ (19)දා සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කෙරිණි.තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරය අල්ලා ගනිමින් එරට පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගැනීමට පෙර සතියේදී මම සිදුවීම හටගෙන ඇත. වෙඩි ප්‍රහාරයත් සමග ඇය ලේ විලක් මැද වැටී සිටින ආකාරයත්, 



ඇගේ ඥාතීන් ඇය වටා හඩමින් සිටින ආකාරයත් මෙම වීඩියෝවේ දැක්වෙයි. එසේම ඊයේ දිනය වනවිට කාබුල් අගනුවර පිහිටි සුප්‍රසිද්ධ රූපලාවණගාර සහ කඩසාප්පු ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබූ වළඳපුවරුවල ඇති සියලුම කාත්තා රූප කළු පැහැති තීන්ත යොදා ගනිමින් වසා දැමීමටද තලේබාන් සාමාජිකයන් කටයුතු යොදා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගැනීමෙන් දින කිහිපයකට පසුව කාබුල් නුවරදී පැවැත් වූ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයන් තමන්ගේ පෙර පාලනයේදී මෙන් කාන්තාවන් වෙත සීමාවන් පැනවීමක් සිදු නොකරන බවත්, ඔවුන්ට අවශ්‍ය නිදහස ලබාදීමක් සිදුකරන බවත් පවසා තිබුණු බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මේ අතර එම මාධ්‍ය හමුවට දිනකට පසුව එරට තුළ පැවැත්වුණු උද්ඝෝෂණයක් වෙත එල්ල වූ තලේබාන් සාමාජිකයෙකුගේ වෙඩි ප්‍රහාරයකින් මාධ්‍යවේදියෙකු ඇතුළු තිදෙනෙකු මරණයට පත්විය. තලේබාන් සංවිධානය ප්‍රසිද්ධ කරන සිය ධජය වෙනුවට ඇෆ්ගනිස්තානයේ මෙතෙක් පැවැති ධජය ප්‍රසිද්ධ කරමින් එම පිරිස විරෝධතාවී නිරතව සිට ඇත. මෙම මීට අමතරව පසුගියදා මෝටර් රථ හොරකමකට වැරදිකරුවෙකු වූ පුද්ගලයෙකුගේ මුහුණෙහි තාර ආලේප කර,



ට්‍රක් රථයක ගැට ගසා නගරය වටා ප්‍රදර්ශනය කරමින් රැගෙන යාමට තලේඛාත් සාමාජිකයන් කටයුතු යොදා ඇතැයිද අනාවරණය වී තිබේ. එම අවස්ථාවේදී ලබාගත් වීඩියෝ පටයක්ද මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. තත්වය මෙසේ පවතිදී පෙරේදා දිනයේදී ඇෆ්ගනිස්තාන කාත්තාවන් තිදෙනෙකු ප්‍රසිද්ධියේම තලේබාන් සංවිධානයට එරෙහිව අදහස් දක්වමින්, විරෝධතා පුවරු අතදරමින් විරෝධතාවක නිරත වන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද ප්‍රසිද්ධියට පත් වී තිබේ. ඔවුන්ගේ විරෝධතාව අසලම ආයුද රැගත් තලේබාන් සාමාජිකයන් රැදී සිටින ආකාරයද එහි සටහන්ව ඇත.