
තමාගේ පියා, තමාට හා 11 හැවිරිදි බාල සහෝදරයාට නිසි පරිදි නොසලකන බව කියමින් හලාවත ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවියක් තම පියාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර ඇතැයි හලාවත මූලස්ථාන පොලිසිය කියයි. තමන්ගේ පියා කාන්තාවන් පස් දෙනකු සමග අනියම් සබඳතා පවත්වන බවත් ඔවුන් වරින් වර නිවෙසට කැඳවාගෙන විත් ඔවුන්ට හොඳින් සංග්‍රහ කරන බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ. තම මව මීට කලකට පෙර පවුල අතහැර ගොස් ඇති බවත් පියාගේ මෙම ක්‍රියාකලාපය නිසා තමාත්, මල්ලීත් බරපතළ අපහසුතාවකට,
පීඩාවට පත්වී සිටින බවත් මෙම සිසුවිය පොලිසිය හමුවේ සඳහන් කර ඇත.
හලාවත සහකාර පොලිස් අධිකාරි රංජිත් විජේවර්ධන මහතා විසින් මෙම පැමිණිල්ල විභාග කිරීමට හලාවත මූලස්ථාන පොලිසියේ ප්‍රධාන කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරික්ෂිකා අනූෂා කුමාරි මහත්මියට බාර දී ඇත. ඒ අනුව සිසුවියගේ බාල සහෝදරයාගෙන් හා පියාගෙන් මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඒ මත පදනම්ව පියාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද පොලිසිය කියයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
Comments
Post a Comment
Your comment will be visible after approval