ඩෙල්ටා ප්රභේද කොරෝනා රැල්ල හේතුවෙන් චීනයේ ප්රදේශ ගණනාවකට දැඩි සීමා පනවා ඇත.
බීජිං අගනගරයෙන් සහ තවත් ප්රාන්ත පහකින් ඩෙල්ටා ප්රභේදය ආසාදනය වූවන් දෙසියකට වැඩි පිරිසක් වාර්තා වී ඇත.
මෙම තත්වය හේතුවෙන්, ජියැන්ෂු, ෆූජියෑන්,හුනාන්, යන ප්රාන්තවල විවිධ සංචරණ සීමා පනවා ඇති අතර වැසියන් ලක්ෂ ගණනින් කොරෝනා පරීක්ෂණවලට ලක්කිරීමට ද පියවර ගෙන තිබේ.
ජියැන්ෂු ප්රාන්තයේ අගනුවර වන නැන්ජින් ගුවන් තොටුපළේ සේවකයන් පිරිසක් ආසාදිතයන් ලෙස හදුනාගැනීම හේතුවෙන් ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා ඇතැයිද සදහන් වේ.
සෙසු පළාත්වලද පොදු ස්ථාන ගණනාවක් වසා දැමීමටත් ඇතැම් නේවාසික ප්රදේශවලට දැඩි සංචරණ සීමා පැනවීමටත් එරට බලධාරීන් කටයුතු කොට තිබේ.
චීනයේ නිෂ්පාදිත එන්නත් ඩෙල්ටා ප්රභේදයට කෙතරම් ඔරොත්තු දෙනවාද යන්න ගැන මේ වනවිට කතාබහක් නිර්මාණය වී ඇත.
0 Comments