colombo-port-covid19

අහඹු පී සී ආර් පරීක්ෂණවලින්  ලද ප්‍රතිඵල අනුව කොළඹ වරාය අධිකාරියේ සේවකයන් 600 ට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදිත වී ඇති බව වාර්තාවේ.




වරාය අභ්‍යන්තරයේ පීසීආර් පරීක්ෂණ මීට මාස කිහිපයකනට පෙර මැයි මාසයේ සිට පමණ අත්හැර දමා තිබී නැවත පසුගිය සතියේ ආරම්භ කිරීමෙන් පසු මෙම සංඛ්‍යාව වාර්තා විය.
ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බෙංගමුව පවසන්නේ එන්නත් අධි මාත්‍රා ගැටලුවක් නිසා මෙම ආසාදනයන් පැතිරෙන බවට තමාට සැක බවයි. ඔහු පවසන පරිදි වරාය සේවකයන්ට ලබාදුන් දෙවන එන්නත පමණට වඩා වැඩි මාත්‍රාවකින් ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස ආසාදනය පැතිර ඇති බවයි.