මැලේසියාවේ නව අගමැතිවරයා ලෙස පත්ව සිටින ඉස්මයිල් සබිරි යකූබ් හට ඊයේ (30දා) දිනයේදී පැවැත්වුණු මැලේසියාවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය සදහා සහභාගිවීමේ අවස්ථාව අහිමි වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔහු COVID-19 රෝගියෙකුගේ සමීපතම ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයකට ලක්ව සිටිම ඊට හේතුව වී තිබේ.ඒ අනුව මෙම කැබිනට් මණ්ඩල දිවුරුම් දීමේ උත්සවය සඳහා අගමැතිවරයා සහභාගි නොවන බව ඔහුගේ කාර්යාලය මගින් ඊයේ නිල වශයෙන් නිවේදනය කර තිබුණි. මෙහිදී මැලේසියානු රජු වන අල්-සුල්තාන් අබ්දුල්ලා අල් මුෂ්ටාෆා බිල්ලාහ් ෂාහ් ඉදිරියේ එරට අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා පත්වීම් ලබාදීම සිදුවිය.
අගමැති සබ්‍රීගේ නව අමාත්‍ය මණ්ඩලය තුළ අමාත්‍යවරුන් 31දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු සිටියි. මේ අතර හෙට දිනයේදී පුත්රජයාහිදී පැවැත්වීමට නියමිත මැලේසියාවේ 64වැනි ජාතික දින උත්සවය සඳහා අගමැතිවරයා අන්තර්ජාල තාක්ෂණය හරහා සම්බන්ධ වන බවත් අගමැති කාර්යාලය පවසයි.
0 Comments