covid-deaths-panadura

කළුතර මහ රෝහලේ සහ පානදුර මූලික රෝහලේ ගොඩගැසී තිබූ ‘කොවිඩ්’ ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මල සිරුරු ආදාහනය ආරම්භ කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.


කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල හදුනානොගත් මල සිරුරු තිබීම නිසා ප්‍රමිතියකට ගබඩා කිරීමේ අපහසුතාවක් ඇති වූ බවත් එම සිරුරු පිළිබඳ අවසන් කටයුතු කිරීමට පැය 24 පුරා ආදාහානාගාර විවෘතව තබන බවත් වෛද්‍ය උදය රත්නායක මහතා කීය.
කළුතර දිස්ත්‍රිකයේ රෝහල් රැසක මලසිරුරු 50 කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මතුගම, දොඩන්ගොඩ, අලුත්ගම,පොතුවිල,වස්කඩුව,හිමිදිරියාව, කළුතර උතුර සහ මිනුවන්පිටිය යන ආදාහනාගාරවලදී මෙම සිරු ආදාහනය කර ඇත.

(යොහාන් භාසුර සහ බන්දු තඹවිට )