නිවෙස්ගතව ප්‍රතිකාර ලබන බවට මේ වන විට ලියාපදිංචිව සිටින කොවිඩ් ආසාදිතයන් 2000ක පමණ දුරකතන අංක නිසි ලෙස සම්බන්ධ කර ගත නොහැකි අතර, ඉන් 1000කගේ පමණ දුරකතන අංක වැරදි බවද සෞඛ්‍ය අමාත්‍යංශයෙ තෘතීයික සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය අයත්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය. පිසීආර් හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයන් කරන විට නිවැරැදිව දුරකතන අංක දීම වෛද්‍යවරුන්ට පහසුවක් වන බවද ඇය පැවසුවාය.. එසේම කෝවිඩ් ආසාදිතව නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ට 1390 දුරකතන අංකයට සම්බන්ධව අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගත හැක්කේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචිව සිටින්නේ නම් පමණක් බවද කරුණාරත්න මහත්මිය වැඩිදුරටත් කීවාය.
තමන්ට කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ පෙන්වන බවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට හෝ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට දැනුම් දීමෙන් පසුව ඔවුන්ගේ නිරීක්ෂණයෙන් අනතුරුව අදාළ ලියාපදිංචි කිරීම කරන බවද ඒ මහත්මිය ප්‍රකාශ කළාය. කොවිඩ් ආසාදිතව නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමුව සිටි 16,282ක් මේ වන විට සුවය ලබා ඇති බවත් තවත් ආසාදිතයන් 5,110ක් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවද ඇය ප්‍රකාශ කළාය. නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය අධීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 28ක් සහ වෛද්‍යරුන් 900ක පමණ කණ්ඩායමක් ඇති බවත් ඉදිරි සති කිහිපය තුළ වෛද්‍ය කණ්ඩායම 1,500ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බවද ඇය කියා සිටියාය.
කරුණු ගණනාවක් සැලකිල්ලට ගෙන කෝවිඩ් ආසාදිතයන් නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමු කරන බවත් ආසාදිතයා රෝහල් ගත කරන්නේද, නිවෙස්ගත ප්‍රතිකාරයට යොමු කරන්නේද යන්න තීරණය කරනුයේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා බවද ඇය ප්‍රකාශ කළාය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරිය මෙම කරුණු දැක්වූවාය.
-තිළිණි ද සිල්වා--
0 Comments