මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින් කොරෝනා රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි.
කළුතර
කළුතර දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා මරණ 18ක් පෙරේදා (15) වාර්තා විය. මෙම පොලිස් වසම් මට්ටමින් එම මරණ වාර්තා වූයේ මෙසේය. ඒ හොරණ - 01, මාරගහහේන - 01, ඉංගිරිය - 01, පානදුර දකුණ - 02, පානදුර උතුර - 02, හිරන - 01, වාද්දුව - 03, කළුතර දකුණ - 02, කළුතර උතුර - 2, දොඩම්ගොඩ - 01, වරකාගොඩ - 01, බේරුවල - 01 වශයෙනි.
කළුතර දිස්ත්‍රිකයෙන් නව කොරෝනා ආසාදිතයින් 424 ක් පෙරේදා (15) හඳුනාගෙන තිබුණි. පොලිස් වසම් මට්ටමින් එම ආසාදිතයින් වාර්තා වූයේ මෙසේය. ඒ හොරණ - 26, මොරගහහේන - 17, අඟුරුවාතොට - 14, ඉංගිරිය - 02, මතුගම - 19,බුලත්සිංහල - 17, අගලවත්ත - 52, ඉත්තෑපාන - 18, පානදුර දකුණ - 48, බණ්ඩාරගම - 24, පානදුර උතුර - 07, හිරන - 30, වාද්දුව - 03, මොරොන්තුඩුව - 06, කළුතර දකුණ - 30, කළුතර උතුර - 46, දොඩමීගොඩ - 11, පයාගල - 16, වරකාගොඩ - 09, බේරුවල - 02, තෙබුවන - 27 වශයෙනි.
රාගම
රාගම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ කොරෝනා ආසාදිතවූවන්ගේ පළමු ආශ්‍රිතයින් 230 ක් ඉකුත් (03) රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට භාජනය කිරීමෙන් පසු ඉන් පුද්ගලයින් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි රාගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. මහජන සෞඛ්‍ය පරික්ෂක වසම් 5කින් යුත් රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ 45000 කට ආසන්න ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව කටයුතු කරන මෙම කාර්යාලයේ එක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට හෙදි නිලධාරිනියකට සහ ඩෙංගු කාර්ය සාධක බළකායේ සේවක මහතුන් තිදෙනෙක්ද මේ වන විට කොරෝනා ආසාදිතයින් ලෙස රෝගාතුරව පසුවෙති.
මීගමුව
මීගමුවේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මීගමුවේ සියලු සතිපොළ වහා වසාදමා තිබේ. මේ වනවිට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දිනකට අවම වශයෙන් කොරෝනා මරණ පහකට නොඅඩු සංඛ්‍යාවක් සිදුවන අතර දිනපතා කොවිඩ් ආසාදිතයන් 50-60ත් දක්වා අලුතින් ඉහළ යමින් පවතින තත්වය අනුව මහජනයා වැඩිවශයෙන් ගැවසෙන සති පොළ වහා වසා ඇත.මේ වනවිට මීගමුව මහ නගර සභාවට අයත්
ආදාහනාගාරයේදී විදේශ රටවලින් එවනු ලබන කොවිඩ්. ආසාදිතයන්ගේ සිරුරු, මීගමුව රෝහලේ කොවිඩ් ආසාදිතව මියගිය සිරුරු සහ රාගම මහ රෝහලේ කොවිඩ් ආසාදිතයගේ සිරුරු ආදාහන කරන බව මීගමුව නගරාධිපති දයාන් ලන්සා මහතා සඳහන් කළේ.මීගමුවේ එක් අවමංගල්‍ය ශාලාවක් කොවිඩ් ආදාහනයේදී රුපියල් දහදාහක මුදලක් අය කරන බව තමා දන්නා බවත් නගරසභාව කේවිඩ් ආදාහනයකදී රුපියල් 6000 ක් අයකරන බවත් එමෙන්ම අසරණවූ පුද්ගලයන්ගෙන් කිසිදු මුදලක් අය නොකරනු ලබන බවත් පැවැසීය.
මීගමුව දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවක සේවිකාවන් 10 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට පත්වීමත් ඊට අමතරව තවත් සේවකයන් නව දෙනෙකුට කොරෝනා රෝගී ලක්ෂණ පහළ වීමත් සමග ඊයේ (16) වැනිදා උදෑසන සිට එම කාර්යාලයේ රාජකාරි කටයුතු සීමා කර ඇති බව එම කාර්යාලයේ බලධාරිහු කියති. මෙහිදී ක්‍රියාත්මක වන්නේ ඉඩම් ලියාපදිංචි කිරිමේ රාජකාරිය පමණක් වන අතර ඊට අමතරව කිසිවෙකුට විශේෂ හේතුවක් නොමැතිව එම කාර්යාලයට ඇතුල්විය නොහැකි බව නිලධාරිහු කියති.
වාද්දුව
වාද්දුව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී ඉකුත් 13 වැනිදා කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 303 කින් ඉන් 114 දෙනකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි වාද්දුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඒ.බී. සාන්ත මහතා පැවැසීය.
පෑලියගොඩ
පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රී කාවින්ද රංගනාථ රණතුංග මහතා කොවිඩ් ආසාදනය වී ඊයේ (16) වැලිසර රෝහලේදී මියගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක වික්‍රමසූරිය මහතා පවසයි. පෙරේදා (15) දින එම රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බව වික්‍රමසූරිය මහතා පැවැසීය. පෑලියගොඩ නුවරපාර කැලණිතිස්ස මාවතේ පදිංචිව සිටි ඒ මහතා මියයන විට 39 වියේ පසු වූ අතර ගුරිවරියක් සමග විවාහ වී සිටියේය.
වේයන්ගොඩ
වේයන්ගොඩ හා නිට්ටඹුව පොලිස් ස්ථානයන්හි සේවයේ නියුතු පොලිස් නිලධාරින් අට දෙනෙකුට පෙරේදා (15) හා 14 දිනයන්හිදී කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න වෑත්තෑව මහතාටත්, එහි උප පොලිස් පරික්ෂක වරයෙකුටත්, පොලිස් සැරයන් වරයෙකුටත්, පොලිස් කොස්තාපල්වරයෙකුට හා කාන්තා පොලිස් සැරයන් වරියකටත් එසේ වයිරසය ආසාදනය වී ඇත. වේගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සිව් දෙනෙකුට පෙරේදා (14) දිනයේත් උපපොලිස් පරික්ෂකවරයෙකුට ඊයේ (15) දිනයේත් එසේ වයිරසය ආසාදනය වී ඇත. මෙම නිට්ටඹුව පොලිසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් තිදෙනෙකුටත් කොවිච් 19 වයිරසය ආසාදනය වී ඇත.
වතුපිටිවල
කොරෝනා වයිරසයට ගොදුරුව මියගිය පුද්ගලයින් හත් දෙනෙකුගේ හදිසි මරණ පරික්ෂණ ඊයේ (16) පෙරවරු 10 සිට පස්වරු 4.30 ට දක්වා කාලසීමාවේදී වතුපිටිවල මූලික රෝහලේදී සිදු කළ බව රෝහලේ හදිසි මරණ පරික්ෂක අල්හාඡ් එම්.ජේ.එම්. අබ්දුල් කාදර් මහතා පැවැසීය.
මියගොස් ඇති පුද්ගලයින් හත් දෙනාම පිරිමි බවද මෙම පිරිසෙන් තිදෙනෙකු වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවද හදිසි මරණ පරික අබ්දුල් කාදර් මහතා වැඩිදුරටත් පැවැසීය.
බණ්ඩාරගම
පුද්ගලයන් 162 කට ඊයේ (16) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී 75ක් කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට තහවරු වූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය.බණ්ඩාරගම ඥාන ප්‍රදීප පුස්තකාල භූමියේදී රැපිට් ඇන්ටිජන් පරික්ෂණය සිදුකෙරිණි. රැපිට් ඇන්ටිජන් පරික්ෂණෙය සඳහා ඉදිරිපත් වූ පුද්ගලයන් නිරෝධායන පවුල්වල සහ විවිධ රෝග ලක්ෂණ පහළ කිරීමේ හේතුවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන්ය.
අලුත්ගම
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය නිලධාරින් සහ අලුත්ගම පොලිසියේ කොරෝනා පැතිරයාම වැළැක්වීම ඒකකයේ නිලධාරින් එක්ව දර්ගා නගරය පොලිස් මුරපොළ අසල පෙරේදා (15) පුද්ගලයන් 158 දෙනෙකු වෙනුවෙන් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවෙන් නව කොරෝනා ආසාදිත පුද්ගලයන් 95දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මෙලෙස හඳුනාගත් නව ආසාදිතයන් සියයට 90ක්ම අලුම පොලිස් වසමේ පදිංචිකරුවන් බව කියයි. මේ අතර එකම පවුලක ජීවත්වන පවුල් ඒකක කිහිපයක අයද ආසාදිතයන් ලෙස වාර්තා වී තිබේ.
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මේ මාසයේ ගත වූ දින දහහතරක් තුළ පමණක් නව කොරෝනා ආසාදිතයන් 1.391ක් හඳුනා ගැනීමට හැකි වී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් රන්ජන් ප්‍රියශාන්ත මහතා ඊයේ (05) පැවැසීය. ගත වූ දින 14 තුළ වාර්තතා වූ නව කොරෝනා ආසාදිතයන්ගෙන් දෛනිකව රෝගීන් 100 සීමාව ඉක්මවා දින අටක් තුළ 134, 131, 129, 126, 117, 108, 107, 104ක් ද ඇතුළුව දින 14ක් තුළ නව ආසාදිතයන් 1,391ක් වාර්තතා වී තිබේ. කොරෝනා තෙවැනි රැල්ල ආරම්භ වූ අප්‍රියෙල් 15 වැනිදා සිට අගෝස්තු 15 දක්වා ගත වූ මාස හතරක කාලය තුළ බේරුවල සමස්ත කොරෝනා ආසාදිතයන් 4,404ක් වන බව ඒ මහතා සඳහන් කළේය.
ගම්පහ
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 1825 දෙනකු ඊයේ (16) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ හමුව ඇති අතර ආසාදිතයන් 222 දෙනකු වැඩිම ආසාදිතයින් ලෙස බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටයාසයෙන් වාර්තතා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සඳහන් කරයි. දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර - 215 ක්, ජාඇල - 201 ක්, වත්තල - 198 ක්, ගම්පහ - 187 ක්, කැලණිය - 159 ක්, මිනුවන්ගොඩ - 155 ක්, සීදුව - 146 ක්, මීරිගම - 109 ක්, අත්තනගල්ල - 90 ක්, කටාන - 45 ක්, දොම්පෙ - 44 ක්, මීගමුව - 22 ක්, රාගම - 18 ක් සහ දිවුලපිටිය කොට්ඨාසයෙන් - 14 දෙනෙකු වශයෙනි. මෙම ගතවූ පැය 24 ක කාලය තුළ දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 83 දෙනෙකු හමුව ඇති බවත් එම කාලය තුළ ආසාදිතයින් 562 කු රෝහල් ගත කොට ඇත. සැක සහිත රෝගීන් 81 දෙනෙකු රෝහල් ගත කොට ඇති අතර ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 383 දෙනෙකි. නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 28,460 දෙනෙකි.
රත්මලාන
රත්මලාන සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කොට්ඨාසයේ පසුගිය 13 වැනිදා රත්මලාන දුම්රිය ක්‍රීඩාංගණයේදී පුද්ගලයන් 269 කට සිදුකළ 'රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට අනුව ඉන් පුද්ගලයන් 88දෙනෙකුටම වයිරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍යා අංශ ප්‍රකාශකයෙක් පැවැසිය. මෙම පිරිස පසුගිය දිනවල කොට්ඨාස මට්ටමින් ස්ථාන ගණනක දී සිදුකළ පි.සී.ආර්. හා රැපිඩ් ඇන්ටජන් පරික්ෂණවලට අනුව හඳුනාගත් පවුල හා ඔවුන්ගේ ආශ්රිතය නිරෝධායන කාලය අවසන්වීමට පෙර සිදුකරනු ලැබූ පරික්ෂණ වලින් හඳුනාගත් පිරිස වෙනුවෙන් සිදුකරනු ලැබ ඇත.
මේ අනුව ආසාදිත පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත හා නිවාස නිරෝධායනයට යොමු කිරිම සඳහා ලේඛනගත කරමින් ද එහි තවත් පිරිසකගේ වාර්තා ගැටලු සහගත බැවින් ඉන් 9 දෙනෙකුම නැවත පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු කරනු ලැබ ඇතැයි ද එම ප්‍රකාශකයා කියා සිටී.
බුලත්සිංහල
බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාකාර්යාල බලප්‍රදේශය තුළ ඉකුත් (04) වැනිදා සිට 11 වැනිදා දක්වා සතියක් තුළ කොරෝනා ආසාදිත රෝගීන් 322 දෙනෙකු අලුතින් වාර්තාවීමත් සමග බුලත්සිහල කොරෝන්නා ආසාදිත සමස්ත සබනව2748දක්වා ඉහළ ගොස් ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.ඒ අනුව නිරෝධායනය කළ පවුල් ගණන 3712 දක්වා ඉහළ යන අතර නිරෝධායනය අවසන් කළ පවුල් ගණන 3386 ක් බව බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දත්තවලට අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිල වාර්තා මගින් සඳහන් කර තිබේ.
මීරිගම
මීරිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීන් තිදෙනෙකු කොරෝනා ආසාදිතවීම හේතුවෙන් එම අයගේ ආශ්රීතයන් සඳහා ජෛව සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු යොදා තිබේ.මෙසේ ආසාදිත වූ මන්ත්‍රීවරයෙකු පසුගියදා මුදල් කමිටු රැස්වීමට එක්වී ඇතැයි එම හේතුවෙන් එම රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් මෙන් නිලධාරින් ද පළමු පෙළ ආශ්රීතයන් බවට පත්වීම නිසා මෙසේ ජෛව සාම්පල පරික්ෂක්ෂාවක් කිරීමට සභාපති සරත් නන්දසිරි රණතුංග මහතාපියවර ගෙන ඇත.
බියගම
බියගම, කොට්ටුන්න ප්‍රදේශයේ ස්වයං නිරෝධානයට යොමු කර සිටි නිවෙසක 79 හැදී පස්දරු මවක් ඉකුත් සිකුරාදා ( 13) පස්වරුවේ හදිසියේම අසනීප විනිවස තුළම මිය ගොස් ඇතැයි බියගම පොලීසිය පවසයි.මේ මව මිය යාමෙන් පසුව සිදු කළ පීසීආර්. පරික්ෂණයෙන් ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වූ බව ද පොලීසිය සඳහන් කරයි.මේ මවගේ දියණියකට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන නිසා මෙම නිවසේ අය ස්වයං නිරෝධානයට යොමු කර තිබූ බවත් පොලීසිය කියයි.මෙහි අධීක්ෂණ කටයුතු බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමග බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ජේ.එම්.ආර්. සමරසිංහ, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඩී. වීරසිංහ, සැරයන් දුෂාන්ත (15250 ) හා පො.කො. පනාවල (61817) යන නිලධාරිහු මෙහෙයවති.
පිළියන්දල
පිළියන්දල එස්.ඕ.එස්. ගම්මානයේ දරුවන් 50 දෙනකු ඇතුළු 91 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
එලෙස කොවිඩ් ආසාදනය වූ පිරිස අතර එම ළමා ගම්මානයේ අධ්යක්ෂවරයා සහ සහකාර අධ්යක්ෂවරයා ද සිටින බව පැවසේ. මේ හේතුවෙන් ළමා ගම්මානයට අමුත්තන් පිවිසීම මෙන්ම බාහිරව පැමිණෙන සියලුම දරුවන්ගේ ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
පිළියන්දල මකුළුඳුව පාසල් මාවතේ අවමගුල් නිවෙසක් ඉදිරිපිට මත්පැන් සාදයකට සහභාගි වී සිටියදී අනතුරකින් මියගිය 49 හැවිරිදි ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදිත වී ඇතැයි පශ්චාත් මරණ පරික්ෂණයට පෙර පැවැත්වූ පී.සී.ආර්. පරික්ෂණයෙන් තහවුරු වී ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.අනතුරෙන් මියගොස් සිටියේ, බොරලැස්ගමුව දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි හතළිනව හැවිරිදි ව්‍යාපාරිකයෙකි.මියගිය එම පුද්ගලයාට කොරෝනා ආසාදිත වී ඇති බවට, බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට මෙන්ම පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට,මියගිය පුද්ගලයාගේ සහ අවමගුල් නිවෙස පැවැත්වූ නිවෙස්වල පුද්ගලයන් නිරෝධායනයට ලක්කරන ලෙස දැනුම්දුන් බව පිළියන්දල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
කටාන
කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ ඊයේ (15) හා පෙරේදා (14) දිනවලදී කොවිඩ් ආසාදිතයන් එකසිය අසූහතර දෙනකු වාරතා වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවැසීය. මේ අනුව, ඊයේ (15) ආසාදිතයන් හතළිස්පහක් හා පෙරේදා (14) එකසිය තිස්නවයක් වශයෙන් එසේ දින දෙකට ආසාදිතයන් එකසිය අසූහතර දෙනකු වාර්තා වී ඇති බව ද එම ප්‍රකාශකයා කීය. කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඇස්.ඒ.යූ.ටී. කුලතිලක මහතාගේ උපදෙස් පරිදි, එහි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ මැදිහත්වීම යටතේ විශේෂ සංකූලතා නොමැති ආසාදිතයන් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වලම තැබීමටත්, අනෙක් පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමටත් කටයුතු කරගෙන යන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. සියලු ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම කියා සිටියේය.
මහනුවර හන්තාන
මහනුවර හන්තාන ප්‍රදේශයේ පිරිවෙනක භික්ෂූන් වහන්සේලා තිස් දෙනමකට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට පෙරේදා (15 වැනිදා) හඳුනා ගෙන තිබේ.
මෙම භික්ෂුන් වහන්සේලා සාමාන්‍ය තත්ත්වයේ පසුවන බැවින් රෝහල් ගත කිරීමට පියවර නොගෙන පිරිවෙන තුළම සිට ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත.
මේ අතර මහනුවර වැව රවුමේ පෞද්ගලික හෝටලයක ස්ථාපිත කර ඇති කොවිඩ් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගතවූ දින කිහිපයේ භික්ෂූන් වහන්සේලා විශාල වශයෙන් ඇතුළත් කිරීම නිසා එම ස්ථානයට මහ සංඝරත්නය ඇතුළත්කර ගැනීම සීමාකර තිබේ.
මේ හේතුවෙන් කොවිඩ් ආසාදිත මහසංඝරත්නයට විහාරස්ථාන තුළදීම ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අංශ අවධානය යොමුවී ඇත.
රක්වාන
රක්වාන නගරයෙ පිහිටි සුපිරි වෙළෙඳසලක සහ තොග බඩු වෙළෙඳසලක සේවකයන් ඇතුළුව හතළිස් හය දෙනකුට කොවිඩි 19 වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (16දා) පෙරවරුවේ නිකුත් කළ පී.සී.ආර් ප්‍රතිඵලවලින් හඳුනාගත් බව ගොඩකවෙල සෞඛ්‍ය වෙෙද්‍ය නිලධාරි වෙෙද්‍ය ඉන්දිකා ලියනගේ ප්‍රකාශ කළාය.
මීට දින හතරකට පෙර රක්වාන නගරය ඇතුළු ප්‍රදේශවල සිටින පුද්ගලයන් හැත්තෑ හය දෙනකු සඳහා සිදුකළ කොවිඩි පරීක්ෂණයෙන් පමණක් අදාාළ ආසාදිතයන් හඳුනාගෙන ඇත. මේ අතර රක්වාන ප්‍රදේශයෙන් පමණක් ගෙවුණ දින තුන තුළදී කොවිඩි නියුමෝනියා තත්වය හේතුවෙන් පුද්ගලයන් පස්දෙනකු මිය ගොස් ඇති බව ද රක්වාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුනෙත් මුණවීර පැවැසීය.
පදියතලාව
පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නගර සීමාවට යාබදව ඇති දම්බරාගොඩ ගම්මානයේ පහළොවක් වූ සම්පූර්ණ පවුල් සංඛ්‍යාවෙන් පවුල් අටකටම කොරෝනා ආසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
පදියතලාවේ මේ දිනවල බහුල වශයෙන් රෝගීන් වාර්තා වන අතර මෙතෙක් එක ගමකින් වාර්තා වූ වැඩිම රෝගීන් ගණනද මෙම ගම්මානයෙන් වාර්තා වී ඇත.
මෙම ගම්මානයේ බොහොමයක් දෛනික රැකියාවල යෙදෙන අය වන නිසා ඔවුන් කොරෝනා ආසාදනය වීමේ වැඩි නැඹුරුවක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
පොළොන්නරුව
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්වන රැල්ලේ කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ (16දා) වනවිට 4365 දෙනකු දක්වා ඉහළ නැග ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.
මේ අතර ඊයේ (16දා) දිනය තුළ අලුතින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 152ක් හඳුනාගෙන තිබේ. මේ වනවිට දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත පාසල් ළමුන් ගණනද 224ක් දක්වා ඉහළ නැග තිබෙන බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ ප්‍රකාශ කළේය.
ඔවුන් සියලුදෙනාම මේ වනවිට දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇතැයි ඔහු කීය.මෙතෙක් දිස්ත්‍රික්කයේ සිදුව ඇති සමස්ත කොරෝන මරණ සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේය.
දිඹුලාගල
එන්නත් දෙකම නොගත් අයට සැප්තැම්බර් මස 15 වැනිදා සිට සංචරණ කටයුතු තහනම් කර ඇතත් මෙතෙක් දිඹුලාගල, දළුකාහ සහ මිල්ලාන ගම්මානවල එක එන්නතක්වත් ලබා නොදීමෙන් තමන් විවිධ අසීරුතාවලට මුහුණදී ඇති බව එම ගම්මානවල වැසියෝ පවසති.
සිංහල, දෙමළ, ආදිවාසී පවුල් 1200කට වැඩි පිරිසක් ජීවත් වන මෙම ගම්මානවල පිරිස් විවිධ ප්‍රදේශවල විවිධ රැකියා කරමින් නිවාඩු ලබා පැමිණෙන අතර වයිරසය බෝවීමේ හැකියාව පවතින බව ද එම ගම්වාසීහු සඳහන් කරති.
හැටන් - දික්ඔය
හැටන් නගරයේ පිහිටි ප්‍රධාන රාජ්‍ය බැංකුවක ශාඛා දෙකක සේවයන් 9දෙනකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වීම නිසා එම බැංකු ශාඛා දෙකම ඊයේ (16දා) දින සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීහු පැවසූහ.
හැටන් නගරයේ පිහිටි බැංකු ශාඛාවේ ආරක්ෂක නිලධාරියකුට ප්‍රථමයෙන් කොවිඩ් -19 වයිරසය අසාදනය වීම නිසා එම බැංකු ශාඛාවේ කළමනාකරු ඇතුළු සේවිකාවන් 20 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ අතර ඉන් සේවකයන් 8 දෙනකුට සහ දික්ඔය බැංකු ශාඛාවේ එක් සේවකයකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වීම නිසා බැංකු ශාඛා දෙකම තාවකාලිකව වසාදැමීමටත්, එම ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කර බැංකු ශාඛා දෙකම සම්පූර්ණයෙන් විෂබීජහරණය කර වෙනත් කාර්ය මණ්ඩලයක් යොදා බැංකු ශාඛා දෙකම විවෘත කිරීමට උපදෙස් ලබාදුන් බව ද හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරිවරයා පැවැසීය.
කන්තලේ
ඇන්ටිජන් පරීක්ෂාවකින් පසුව ඉන් හත්දෙනකු හට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා ගමනාගමන මණ්ඩලයට අයත් කන්තලේ ඩිපෝව දින හතකට වසා දමා ඇත. පසුගිය 12 වැනිදා සිදුකරන ලද එම පරීක්ෂාවේදී මෙම ආසාදිතයන් හමුවී ඇති අතර මේ වනවිට එම පිරිස නිරෝධායනයට යොමුකර ඇත.
ගාල්ල
ගාල්ල පොලිසියට අනුයුක්තව විවිධ අංශවල සේවය කරන පොලිස් නිලධාරීන් 08 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනයවී ඇති අතර පොලිස් නිලධාරින් 29 දෙනකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍ර ධාන පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරු 02කු, පොලිස් කොස්තාපල්වරු හා කාන්තා පොලිස් කොස්තාපල්වරියකට කොවිඩ් වයිරසය ආසාදනයවී ඇති බවද ගාල්ල පොලිසිය පවසයි.
මේ වනවිට මෙම නිලධාරින්ගේ පළමුපෙළ ආශ්‍රිතයන් හා පොලිසියේ විවිධ අංශවල සේවය කරන නිලධාරීන් 29 දෙනකු නිරෝධායනය සඳහා යොමුකොට ඇති බවද ගාල්ල පොලිසිය පවසයි. ගාල්ල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුද කොවිඩ් වයිරසය ආසාදනයවීමෙන් මියගොස් ඇත. ඔහු උණ රෝගය වැලඳී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. කොවිඩ් වයිරසය ආසාදනයවී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් තිබේ.
වෙන්නප්පුව
කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව තම නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටි අයකු මිය ගොස් ඇති බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව, වයික්කාල - කම්මල පදිංචිව සිටි 75 හැවිරිදි අයෙකි. ඔහු උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කරමින් සිට විශ්‍රාම ලබා ඇති අයකු බවටද හඳුනා ගෙන ඇත.
මේ අතර,පසුගිය 15 වැනිදා සවස වන විට පුත්තලම දිස්ත්‍රික්කයෙන් කොවිඩ් අසාදතයන් 60 දෙනකු වාර්තා වී ඇත. පුත්තලම ප්‍රදේශයෙන් ආසාදාතයන් 20ක්, දංකොටුව ප්‍රදේශයෙන් ආසාදිතයන් 15 ක් වාර්තා වී ඇත. හලාවත ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 23ක් වාර්තා වී ඇති අතර, ආරච්චිකට්ටුව ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිතයන් 02ක් වාර්තා වී ඇත.
මහනුවර මහයියාව
මහනුවර මහයියාව වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් තිදෙනකු කොවිඞ් ආසාදිතව ඊයේ (16දා) එම නිවාසය තුළදීම මියගොස් තිබේ.
මියගිය අයගේ මෘතදේහ සම්බන්ධයෙන් මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.
‘හෝම් ෆෝ එල්ඩර්ස්’ නමැති මෙම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් හැටතුන් දෙනකු සිට ඇත. තිදෙනකු මියයෑමෙන් පසුව සෙසු වැඩිහිටියන් ඇන්ටිජන් පරික්ෂණවලට ලක් කර ඇති අතර තවත් හතළිස් හත් දෙනකු කොවිඞ් ආසාදිත බවට එහිදී අනාවරණය වී තිබේ.
0 Comments