වෛද්‍ය ජයනාත් ද අල්විස් නවසීලන්තයේ සිට ගෙන එන කොරෝනා ප්‍රතිකාර පිළිබඳ පැහැදිලි කිරීම් ඇතුළත් ලිපියක් මේ සමග පළවේ.
උණ සෙම්ප්‍රතිශ්‍යාව තත්ත්වය වේලාසනම හඳුනාගැනීමේ විශේෂ අවශ්‍යතාවයක් මේ දිනවල තිබෙනවාද?
ඔව්. coronavirus රෝගයෙ මූලික රෝග ලක්ෂණ ලෙස බොහෝ විට උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව හඳුනාගත හැකි. මූලික අවස්ථාවේදීම මේ ලක්ෂණ හඳුනා ගතහොත් අපිටත් පුළුවන් නියපොත්තෙන් මේ රෝගය කඩන්න උත්සාහ කරන්න.
ඒ කියන්නේ coronavirus ඒකටත් ප්‍රතිකාරයක් තිබෙනවා ද?
නැහැ. අද වන විටත් මේ රෝගයට කිසිම සාර්ථක ඖෂධයක් හෝ සාර්ථක එන්නතක් සොයා ගෙන නැහැ. නමුත් රෝගය මූලිකම අවස්ථාවේදී අපිට අපේම ප්‍රතිශක්තිකරණ පද්ධතියට අවශ්‍ය අමතර කාලය සහ බලය සහ ජවය ලබා දීලා මෙම රෝගය මූලික අවස්ථාවේදීම පාලනය කරන්න අපිට උත්සාහ කරන්න පුළුවන්.
මෙම වීඩියෝව 2020 වසරේ පළමු රැල්ලේදී පටිගත කරන සමයේ කිසිම සාර්තක එන්නතක් හෝ ඖෂධයක් තිබුනේ නෑ. නමුත් දැන් සාර්ථක් එන්නත් බොහොමයක් සහ අසාධ්‍ය ලෙඩුන් සඳහා ඖෂධ සොයාගෙන තිබෙනවා. ඒ නිසා ලැබෙන පළමු අවස්ථාවෙන් දැනට ඔබට ලැබෙන ඕනම එන්නතක් ලබා ගන්න. එය ඔබගේ ජීවිතය බේරනු ඇත.
කොහොමද ඒ අමතර කාලේ අපි ප්‍රතිශක්තිය කරන පද්ධතියට ලබා දෙන්නේ?
අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද වෛරසයක් අපේ ශ්වසන පද්ධතියට ආසාදනය වුණාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඒක පාලනය කරන්න කියලා. මේක තුන් ආකාරයකින් සිද්ධ වෙනවා. පළමුවෙනි එක තමයි, වෛරසයක් ශ්වසන ආස්තර සෛලයේ එහෙමත් නැත්නම් මේ මතුපිට සෛල වලට ආසාදනය උනහම ඒ සෛලය විසින්ම අනිත් අහල පහල තියන සෛලවලට පණිවිඩයක් නිකුත් කරනවා තවදුරටත් ආරක්ෂා වෙන්න එහෙම සෛලයක් අන්තරාවට පත් වෙලා තියෙන්නෙ කියලා. දෙවෙනියට අපේ ඒ අවට ගැවසෙන සුදු රුධිරාණු ඇවිල්ලා මෙම සෛලය හඳුනාගෙන මේක වෛරසයක් එක්කම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. තුන්වෙනියට ටිකක් හිමිට සිදු වුණත් වසා සෛලය මෙම වෛරසයට එරෙහිව විශේෂ රසායනයක් හදනවා ප්‍රතිදේහ කියලා. ඒකෙන් මෙම වෛරසය වෙන් කරල හඳුනාගෙන සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පුළුවන්.
ඉතින් අපි නොදැනුනත් උනාට හැමදාම අපේ ශ්වසන පද්ධතියේ ප්‍රතිශක්තිකරණය මෙන්න මේ ආකාරයට ඔගොල්ලොන්ගෙ නිරාවරණය වෙන වයිරස් වලින් අපේ සිරුර ආරක්ෂා කරනවා. නමුත් සමහර වෙලාවට මේ බලඇණිය බලවත් වෙලා වෛරසය ජය ගන්නවා. එහෙම ජයගන්න අවස්ථාවක් තමයි අපිට නිරූපණය වෙන්නේ මෙම මූලික රෝග ලක්ෂණ ලෙස. ඒකෙන් කියන්නේ නැහැ අපි පැරදුනා කියලා එහෙම නැත්නම් රෝගය සම්පූර්ණයෙන් පැරදුනා කියලා. එතනින් කියන්නේ පරාද වෙන්න ඔන්න මෙන්න කියලා. හැබැයි අපිට පුලුවන්නම් තව අපේ සුදු රුධිරාණු සහ මෙම වසා සෛල බලඇණිය මේ සටන් ප්‍රදේශයට යවන්න අපිට පුළුවන් මේ සටන තව ටිකක් කරන් ගිහිල්ලා ගොඩක් වෙලාවට මෙම වෛරස සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න. අපි කොහොමද මෙම බලඇණිය වැඩිපුර යවන්නේ?ඒ යවන්න වෙන්නේ රුධිරය හරහා රුධිර නාල හරහා. අපි කොහොමද රුධිර නාල හරහා මේක යවන්නේ. ඒ සඳහා රුධිර නාල පළල් කරන්න අවශ්‍යයි. ඒ පළල් කරන්නේ කොහොමද? ඒ සඳහා ලෙහෙසිම පහසුම ක්‍රමය තමයි එම ප්‍රදේශයට තාපය ලබා දීම, එහෙම නැත්නම් උණුසුම ලබා දීම. ඒ තුළින් එම රුධිර නාල නිස්සරණය වෙලා විශාල වශයෙන් සුදු රුධිරාණු සහ අනිකුත් වසා සෛල සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය මෙම තැන් වලට ගලාගෙන ඇවිල්ලා මෙම වෛරසයට සම්පූර්ණයෙන්ම විනාශ කරන්න ලොකු උත්සාහයක් දරනවා. ඒක සාර්ථක වුණොත් අපිට පුළුවන් එම රෝගයේ මූලික අවස්ථාවේදීම විනාශ කරලා දාන්න.
අපි ඊළඟට බලමු මෙම දේ කරන්නේ කොහොමද කියලා. මගේ වචන වලින් කියනවා නම් ඒකට ත්‍රිත්ව තාප ප්‍රතිකාරයක්. ඒ කියන්නේ තුන් ආකාරයකින් තාපය ලබා දෙනවා. එකක් තමයි උණුසුම් හුමාලය ආස්වාසය කිරීම, දෙවැනි එක උණු වතුර වලින් මුහුණ සේදීම, තුන්වෙනි එක උණුවතුරෙන් උගුර සේදීම. දැන් අපි බලමු කොහොමද මේ ශ්වසන මාර්ගයේ ප්‍රදේශ මේකෙන් රත් වෙන්නේ කියලා. උණුසුම් හෝ නටන වතුර උණු වතුර හුමාලය අශ්වාස කිරීමෙන් එම තාපය ඔබගේ නාස් කුහර තුළට ලබා දීලා විවර කරනවා. මුහුණ සේදීමෙන් ඔබගේ මුහුණ ප්‍රදේශය තිබෙන කොටර් හතරක් හෝ හයක් සංඛ්‍යාවක් ප්‍රමාණයක් රත් කරලා අවශ්‍ය උණුසුම ලබා දෙනවා. උගුර සේදීමෙන් උගුර ප්‍රදේශයත් ඊට අමතරව උඩුතල්ල වැනි ප්‍රදේශයත් රත්කරලා එ අවශ්‍ය උණුසුම ලබා දෙනවා. එතකොට මේ හැම තැනටම හොඳ රුධිර වහනයක් ලබා දෙනවා. දැන් මම මේකයි විද්‍යාත්මකව පහදන්න උත්සාහ කළේ මෙම ස්වසන පද්ධතියට අවශ්‍ය කාර්යය සහ බලය ලබා දෙනවා කියන එක.
මේ දිනවල අප ඉතා අවධානයෙන් සිටිය යුතු සෙම්ප්‍රතිශ්‍යා මූලික ලක්ෂණ මොනවාද?
සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් වේවා, ඉන්ෆ්ලුවෙන්සා වේවා, එහෙමත් නැත්නම් මේ කොරෝනා වෛරස් රෝගය වේවා මූලික අවස්ථාවේ දී අපි ඔක්කොටම පෙන්නන්නෙ බොහොම සරල ලක්ෂණ ටිකක්. මේකේ මූලික අවස්ථාවේදී මේක වෙන්කරලා අඳුනගන්න බැරි හින්දා මේ දේවල් ඉතාම වැදගත්. නමුත් අවාසනාවකට වගේ අපි මෙවැනි දේවල් එක්කෝ මග ඇරලා දානවා, එහෙම නැත්නම් තව පොඩ්ඩක් ඉවසලා බලමු කියලා හිතනවා, එහෙම නැත්නම් වේදනා නාශකයක් අරගෙන ඒවා යටපත් කරල දානවා. අපි ඒ මග අරින්නෙ ස්වර්ණමය අවස්ථාවක්. අපි බලමු මේ ලක්ෂණ මොනවද කියලා. කිවිසුම් යාම ,නාසය බර ගතිය, නාසයේ සොටු දියර ගැලීම ,එහෙම නැත්නම් නාසය අවහිරතාව එතකොට උඩුතල්ලේ වේදනාව ,උගුර වේදනාව,මුහුණ වේදනාව, ඊට අමතරව හිසරදය, ඊට අමතරව මද උණ ,මද ඇඟපත වේදනාව, මද සන්ධි වේදනාව ,මද සීතල ගතිය ඒ වගේම මේ කිසිම දෙයක් නැති වුණත් සමාන්‍ය කෙනෙක් තුළ තියන මහන්සි ගතිය මෙම වෛරසයක් වැළඳී ගෙන එනවා කියන මූලික පණිවිඩයක් වෙන්නට පුළුවන්. මෙම ලක්ෂණ හඳුනා ගත්ත මොහොතෙම පැය දෙකක් වගේ කාලයක් ඇතුලත අපි මේකට ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අවශ්‍යතා අනුව ලබා දෙන්න. අපිට මේ ප්‍රතිකාර තුනම එකසැරේ කරන්න බැරි උනත් නිවසෙන් බැහැරව සිටියත් අඩුම තරමේ අපිට උණු වතුර වීදුරුවක් හොයාගෙන උගුර හෝදන්න පටන් ගන්න පුළුවන්.
කොහොමද මේ ත්‍රිත්ව ප්‍රතිකාරය කරන්නේ?
මේ ත්‍රිත්ව ප්‍රතිකාරය කරන විදිය ගැන ඉගෙන ගන්න හරිම ලේසියි. නමුත් වැදගත් වෙන්නේ මෙහි අදාල උපදෙස් මාලාව පිළිපැදීම. විශේෂයෙන්ම කොරොනා රෝගය වැනි රෝගයක් බෝවෙන අවස්ථාවක මෙම වීඩියෝව සම්පූර්ණයෙන් නරඹලා ඒ උපදෙස් ඉගෙන ගන්නේ නැතුව මේ ත්‍රිත්ව ප්‍රතිකාරය කරන්න යන්න එපා. ත්‍රිත්ව ප්‍රතිකාරයට අන්තර්ගත වෙනවා උණුවතුර හුමාලය ඇල්ලීම එහෙම නැත්නම් ආශ්වාස කිරීම, මුහුණ සේදීම රස්නෙ උණුවතුරෙන් සහ උගුර සේදීම රස්නෙ උණුවතුරින්. අපි මුලින්ම බලමු උණුවතුර හුමාලය ආශ්වාස කිරීම. මේ සඳහා ඔබට අවශ්‍ය වෙනවා නටන වතුර ලීටර් දෙකක්. කේතලයක් පුරවල වතුර, කට ලොකු භාජනයක් සහ ආවරණය කරන්න බ්ලැන්කට් එකක් හෝ බෙඩ් ශීට් එකක්. ප්‍රථමයෙන්ම අත් හොඳින් සෝදා ගෙන මෙම ක්‍රමය පටන් ගත යුතුයි. විශේෂයෙන්ම හුස්ම ගැනීම ඉතා වැදගත් මෙම ක්‍රමයේදී. බ්ලැන්කට් එකකින් වහලා උණු වතුර හුමාලෙ සම්පූර්ණයෙන්ම පිරිලා තියෙද්දි අපි ඒක නාස්පුඩුවකින් එකවරකට පමණයි හුස්ම ගත යුත්තේ. ඒක මේ ආකාරයට එක නාස්පුඩුවකින් දහ වතාවක් විතර ආශ්වාස ප්‍රශ්වාස කරලා ඊළගට අනිත් නාස්පුඩුවෙන් දහ වතාවක් විතර ආශ්වාස ප්‍රශ්වාස කරනවා. මේක මෙහෙම කරද්දි ඕගොල්ලොන්ට තේරෙයි ආරම්භයේ දීම සමහර වෙලාවට එක නාස්පුඩුවක් වැඩිපුර අවහිර වෙලා තියෙනවා. එතන තමයි ආසාදනය වැඩිපුර තියෙන්නෙ. එහෙම තියෙනවා නම් අඩුම තරමේ ඒ පැත්තෙ පහළොවක් කරන්න. අනිත් පැත්තෙන් දහයක් කරද්දි.
ඊළඟට හුස්ම ගන්න එක මේකෙදි ඉතා වැදගත්. මේ තප්පර 5ක් විතර තිස්සේ හුමාලය ආශ්වාස කළ යුතුයි. හිමිට තප්පර 5ක් තිස්සේ. ඊට පස්සේ මුඛෙයන් ප්‍රශ්වාස කරලා මෙන්න මේ ආකාරයට නැවත නැවතත් කරන්න. මේය අඩුම තරමේ විනාඩි පහක් පත්කළ යුතුයි. එහෙම නැත්නම් මෙම අවහිරතා තියන නාස්පුඩු අවහිරතාව නැති වෙනකන් කළ යුතුයි . ඊට අමතරව මූලිකම අවස්ථාවේදී ඕගොල්ලොන්ට කැස්සක් වගේ ගතියක් තියෙනවා නම් මුඛයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න කරත් ඉතා වැදගත්. මොකද කෙලින්ම ඒ හුමාල තාපය එය පහළ ස්වසන පද්ධතියට කෙලින්ම ලබා දෙන්න පුළුවන්. මෙහෙම කරලා ඉවරවෙලා රස්නෙ උණුවතුරෙන් විනාඩි 3 සිට 5 දක්වා ප්‍රමාණයක් මුහුණ තැවෙන ආකාරයට මුහුණ සෝදන්න අවශ්‍යයි. මුහුණ පිහිදාගෙන ඊට පස්සේ හොඳ රස්නෙන් උණු වතුර වීදුරුවක් හොඳට උගුර සෝදන්න. ඒකට ලුණු වතුර අවශ්‍ය නැහැ. ඔන්න ඔයා අකාරයට තමයි ත්‍රිත්ව ප්‍රතිකාරය අප කළ යුත්තේ.
දිනකට කී වතාවක් මේ ප්‍රතිකාරය කළ යුතුද?
මෙය වාර දෙකේ සිට හතර දක්වා කාලයක් කළ යුතුයි. අඩුම තරමේ උදේ සහ හවසත් ඊට අමතරව රෝග ලක්ෂණ මත මෙම ප්‍රතිකාරය කළ හැකි. ඔබ මූලික අවස්ථාවේදී වේදනා නාශක හෝ පැරසිටමෝල් ගත්තේ නැතිනම් රෝග ලක්ෂණ විසින්ම ඊළඟ ප්‍රතිකාර අවස්ථාවට ඔබව යොමුකරනවා ඇති.හැබැයි ඔබ පැරසිටමෝල් හෝ වෙනත් වේදනා නාශක ගෙන සිටී නම් එම ඖෂධ ගෙන පැයකට පස්සේ මෙම ත්‍රිත්ව ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම කළ යුතුයි. ඒකට හේතුව මෙම පැරසිටමෝල් මගින් රෝග ලක්ෂණ යටපත් කළත් මෙම වෛරසය වර්ධනය නතර වෙන්නේ නැහැ.
මෙම ප්‍රතිකාරය කොපමණ කාලයක් කළ යුතුද?
ඉතාම හොඳින් අවධානය යොමුකළ යුතු කරුණක්. මම මුලින් විස්තර කළ පරිදි මෙම ප්‍රතිකාරය පාවිච්චි කළ යුත්තේ රෝගයේ මූලික අවස්ථාවේදී අපි ප්‍රතිශක්තිකරණ පද්ධතියට අමතරව තල්ලුවක් දීලා මෙම රෝගී සුව කරගන්න පමණයි. එහෙම නැතුව රෝගය වැළඳුණු පසු ඒ සුව කර ගැනීමේ ක්‍රමයක් නොවෙයි. ඒ නිසා ඔබේ රෝග ලක්ෂණ මෙම ක්‍රමයෙන් පාලනය වෙන්නේ නැත්නම් ඒ වගේම එය දරුණු අතට හැරෙනවා නම් උදාහරණයක් හැටියට වැඩි වන කැස්ස, වැඩි වන උණ, හුස්ම ගැනීමේ අපහසුව වගේ දේවල් ඇති වෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. හැබැයි මෙම ප්‍රතිකාරය ඔබගේ රෝග ලක්ෂණ පාලනය වෙනවා නම් ඒය වැඩි වෙන්නේ නැත්නම් දිගින් දිගටම මේ ප්‍රතිකාරය කරගෙන යන්න. එහෙම කරගෙන ගිහිල්ලා රෝග ලක්ෂණ සම්පූර්ණයෙන් පහළ උනාට පස්සේ තවත් දවසක් විතර අඩු වැඩි වශයෙන් කරන්න. දැන් කොරෝනා රෝගය පැතිර යන අවස්ථාව නිසා විශේෂයෙන්ම කිව යුතු දෙයක් තියෙනවා. ඔබට මේ දිනවල සෑදෙන සෙම්ප්‍රතිශාව corona වීමට ඇති ඉඩකඩ කුත් තිබෙනවා. එම නිසා සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන හැම දෙනෙක්ම මෙම අවස්ථාවේදී වෙන අයගෙන් අනිත් අයගෙන් වෙන්වෙලා වෙනම කාමරයක ඉඳලා තමන්ගේ රෝගය වෙන අයට පතුරවන්නේ නැතුව පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම මෙම ඕනම සෙම්ප්‍රතිශාව මේ දිනවල හුමාල ප්‍රතිකාරය මගින් සනීප වුණත් දවස් හතක් යනකන් තමන් අනිත් අයගෙන් වෙන්වෙලා ඉන්න ඕනේ. මොකද මේ දවස් 7 තුල තමයි මෙම රෝගය ඕනම කෙනකුගේන් රෝගයක් තව කෙනෙක්ට බෝවෙන ඉඩකඩ වැඩියි.
මෙම ප්‍රතිකාර කිරීමේදී වැළකිය සිටිය යුතු දේවල් මොනවාද?
ඉතා විශේෂයෙන්ම වැදගත් මෙම ප්‍රතිකාර කරන මුළු කාලය තුළ කිසිම ශීත කරන ලද ආහාර පානයක් හෝ ජලය පානය කිරීමෙන් වැළකී සිටිය යුතුයි. අධික වායුසමීකරණය කරන ලද පරිසර තුළ ඒ වගේම ශීත පරිසර තුළ රැඳී සිටීමෙන් වැළකිය යුතුයි. වැස්සෙන් පරිස්සම් විය යුතුයි. මුල් දින කිහිපය තුළ ස්නානය කිරීමෙන් වැළකි සිටිය යුතුයි. අවශ්‍ය නම් උණුසුම් වතුරෙන් ඇඟ සෝදා ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම රෝගයේ මූලික අවස්ථා වලදී උණ හෝ තද ඇඟපත වේදනාව නැතිනම් පැරසිටමෝල් භාවිතයෙන් වැළකී සිටිය යුතුයි. ප්‍රධාන හේතු දෙකක් තියනවා මෙම වේදනා නාශක වලින් ඕගොල්ලෝගෙන් වයිරසය මර්දනය වෙන්නේ නැහැ, අනිත් එක අපේ මේ ප්‍රතිකාර සාර්ථකත්වය රඳා පවතින්නේ මෙම රෝග ලක්ෂණ යටපත් වෙනවා කියන එක මත. ඉතින් මේවා පැරසිටමෝල් වගේ දේවල්වලින් යටපත් කළොත් අපි දන්නේ නැහැ මේක පැරසිටමෝල් වලින් යටපත් වෙනවා ද ,එහෙමත් නැත්නම් අපේ ප්‍රතිකර්මවලින් යටපත් වෙනවා ද කියන එක.
ඊළඟට ඔබට උණ තිබෙනවා නම්, ඒ වෙලාවේ මෙම ප්‍රතිකාරය නොකළ යුතුයි. පැරසිටමෝ අරගෙන පැයක් විතර ගිහිල්ලා උණ බැහැල ගියාට පස්සේ පමණයි මෙම ත්‍රිත්ව ප්‍රතිකාර කළ යුතු වන්නේ. ඒ වගේම ඉතා වැදගත් මෙම ප්‍රතිකාරය කිරීමට භාවිත කරන කිසිම දෙයක් අනිත් අය සමග පොදුවේ හෝ හුවමාරු කර ගැනීමෙන් වලකින්න. මේය අනිත් කෙනෙකුට රෝගය වැළඳීම වැළැක්වීමේ විශේෂ උපක්‍රමයක්.
මෙම ප්‍රතිකාරයේ කොරෝනා රෝග මර්දනයට උදව්වක් කරගත හැකි බවට ඇති විද්‍යාත්මක සාධක මොනවාද?
ඕගොල්ලො සමහර විට අහලා ඇති සුළු කොරෝනා වෛරසය ගැන. ඒකත් මේ දරුණු ලෙස රෝගය හදන කෝවිඩ් 19 වෛරසය පවුලටම අයත් වෛරසයක්. ඒවෛරසය තුළින් තමයි අපිට මේ ඒදිනදා හැදෙන සෙම්ප්‍රතිශාව වලින් සියයට පහලවේ සිට විසිපහ දක්වා ප්‍රමාණයක් හදන්නේ. ඉතින් එම සුළු වෛරසයෙන් හැදෙන සෙම්ප්‍රතිෂාව වලින් සියයට සීයක් පමණක් මෙම කෝවිඩ් 19 වෛරසයෙන් හැදෙන වයිරස් රෝග වලින් උණෙන් සීයට අසූවක් පමණ මධ්‍ය සහ සුළු අවස්ථාවලදී පාලනය කරලා ෙදන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි. උණුවතුර හුමාලය ත්‍රිත්ව ප්‍රතිකාර ක්‍රමය මගින් මෙම සුළු වෛරසය කිසිම ප්‍රශ්නයක් නැතුව පැය විසි හතරක් හෝ පැය හතලිස් අටක් තුළ පාලනය කරගන්න පුලුවන්. ඉතින් එක පවුලේ එක සාමාජිකයෙක් මෙම ප්‍රතිකාරය මගින් මූලික අවස්ථාවේදී සම්පූර්ණයෙන් පාලනය කරගන්න පුළුවන් නම් එම පවුලටම අයත් අනිත් සාමාජිකයත් මූලික අවස්ථාවේ දීම පාලනය කර ගැනීමට මේ ආකාරයට උත්සාහ දැරීමේ කිසිම විද්‍යාත්මක නොවන ගතියක් මට පෙනෙන්නේ නැහැ. ඒ වගේම මෙම වෛරස් දෙකම මූලික රෝග ලක්ෂණ පෙන්නලා ඒකෙනුත් කෝවිඩ් 19 දින 6ක පමණ කාලයක් ගත වෙනවා උග්‍ර එහෙමත් නැත්නම් ශ්වසන අපහසුතා වැනි රෝග තත්ත්ව පාලනය කරන්න. ඉතින් අපිට ඉතා හොඳ දවසක, දෙකක කාලයක් අපිට තියෙනවා මේ රෝගය දරුණු වෙන්න ඉස්සෙල්ලා මෙම ප්‍රතිකාරය පාවිච්චි කරලා බලන්න. හැබැයි නරක අතට හැරුණොත් අපි අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි ප්‍රමාද නොවී.
මෙම ප්‍රතිකාරය දැනට පැතිර යන කොරෝනා රෝගය වැළැක්වීම සඳහා කොතරම් ආරක්ෂාකාරී ද?
ත්‍රිත්ව ප්‍රතිකාරය සමග මම මේ දෙන උපදෙස් ඕගොල්ලෝ හොදින් පිළිපදිනවා නම් මෙය ඉතාම ආරක්ෂාකාරී ලෙස කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මේ දේ කරන්නේ සෙම්ප්‍රතිශ්‍යා ,උණ රෝග වල මූලිකම ලක්ෂණ අවස්ථාවේදී. ඒ වගේම අපි අනිත් අයගෙන් වෙන්වෙලා මේක කරන්නේ. ඒ වගේම මෙම අවස්ථාවේදී වෙන බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මේකට කිසිම ප්‍රතිකාරයක් කරන්නේ නැහැ. ඒ නිසා මෙම මූලික අවස්ථාව අපි ස්වර්ණමය අවස්ථාවක් කියලා සලකලා මේ ප්‍රතිකාරය කරන්න පටන් ගත්තා කියලා එකේ කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. රෝගය හොඳ අතට පත්වීම පමණයි සිද්ධවෙන්නේ. ඒ වගේම අපි ඉතා හොඳින් දන්නවා මෙම ප්‍රතිකාරයක් සමඟ රෝග ලක්ෂණ පාලනය වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ලක්ෂණ උග්‍ර වෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව. ඒ නිසා මම හිතන්නවා මේය ඉතාමත්ම ආරක්ෂාකාරී ප්‍රතිකාරයක් නිසා අනිත් අයටත් මේ දේ පාවිච්චි කරලා බැලුවට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ.
දැනට නිවෙස් වල සිදුකරන නිරෝධාන කටයුතු වලට ත්‍රිත්ව තාප ප්‍රතිකාරය එකතු කර ගන්නේ කෙසේද?
මේ දිනවල නිවෙස් වල ප්‍රධාන අවස්ථා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි නිරෝධායනය. අනික තමයි isolation .එ කියන්නේ ඕගොල්ලො හුදෙකලා කරලා තියන එක රෝගය බෝ වෙන එක වළක්වන්න. මේ දෙකේ දී ත්‍රිත්ව තාප ප්‍රතිකාරය කිරීම සඳහා විශේෂ උපදෙස් දෙකක් තියෙනවා. ඔබව නිරෝධායන නේ කරලා තියෙනවා නම් ඒක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා. ඒකට හේතුව ඔබ යම්කිසි සැකයක් තියෙනවා ඔබ මෙම රෝගීන් හා සම්බන්ධයක් තිබුණා ද ,එහෙමත් නැත්නම් ඒ අය හා ස්පර්ශ වුණාද කියන එක. ඒ නිසා ඕගොල්ලොන්ට දවස් 14ක් එහෙම දාල තියෙන්නෙ මූලික රෝග ලක්ෂණ පහළ වෙනවාද කියලා බලන්න. දැන් එවන් අවස්ථාවක මූලික රෝග ලක්ෂණ පහල වුනොත් ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ඒම සෞඛ්‍ය නිලධාරියා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ hotline අමතලා ඔබගේ ඒ තත්ත්වය දැනුම් දෙන්නට ඕනේ. එහෙම දැනුම් දුන්නට පස්සේ මෙම ප්‍රතිකාරය කරගෙන ගියාට කමක් නැහැ. මොකද ඒගොල්ලො ඒ තුළින් පසු විපරම් කරල තවත් අයව හොයන්න උත්සාහ කරනවා මේ රෝගය ඔයාගෙන් යන්න පුළුවන් ඉඩකඩ තිබිච්ච.
ඊළඟට isolation . ඔබට රෝග ලක්ෂණයන් තිබෙනවා නම් ඔබ මේ දිනවල අනිවාර්යෙන්ම නිවසට වී සිටිය යුතුයි අනිත් අයගෙන් වෙන්වෙලා. ඒ වගේම හුමාල ප්‍රතිකාරයත් මෙ ත්‍රිත්ව තාප ප්‍රතිකාරයත් කරගෙන යායුතුයි. හැබැයි මෙම රෝග ලක්ෂණ හොඳ අතට හැරුණත් ඉතාම වැදගත් ඕගොල්ලො දවස් හතක් ගෙදරට වෙලා ඉන්න එක එළියට යන්නේ නැතුව අනිත් අයට සම්බන්ධ වෙන්නේ නැතුව. ඔන්න ඔය ආකාරයට තමයි නිරෝධායනය එහෙමත් නැත්නම් isolation එහෙමත් නැත්නම් හුදෙකලා වීම ඒ කියන දේවල් ටික මෙම ප්‍රතිකාරය සමග කළ යුතු වන්නේ.
එදිනෙදා කටයුතු වලට ගෙදරින් බැහැරව ගොස් පැමිණෙන අයට මෙම ප්‍රතිකාරයෙන් ආරක්ෂාව සඳහා කළ හැකි යමක් තිබේද?
ඇත්තටම මෙහිදී ත්‍රිත්ව ප්‍රතිකාරය නෙමෙයි මා ප්‍රකාශ කරන්නේ ද්විත්ව ප්‍රතිකාරයෙන් විශේෂ යමක් සිද්ධ වෙනවා කියලා. ඕගොල්ලොන්ට දැනටත් ඔයාලට දැනට දැනුම් දීලා තියෙන ආකාරයට එළියට ගිහිල්ලා පැමිණියට පස්සේ ඕගොල්ලන්ගේ ඒ ඇඳුම් මාරු කරගෙන අනිත් පිරිසුදු ඇඳුමක් ඇඳගෙන තමයි පවුලේ අනිත් අයත් එක්ක එකතු වන්නේ. හරියට මළ ගෙදරක ගිහිල්ලා ආවා වගේ. හැබැයි ඒ හැම අවස්ථාවකම ද්විත්ව ප්‍රතිකාරය කරන්න. ඒ කියන්නේ උණු වතුරෙන් උගුර හෝදන්න, ඊට අමතරව රස්නෙ වතුරෙන් මුහුණ හෝදන්න අමතක කරන්න එපා. මේ දෙකෙන් ඕගොල්ලොන්ට ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි ඕගොල්ලන්ට මූලික රෝග ලක්ෂණ මතු උනොත් කරුණාකරලා කාමරයකට වෙලා අයින් වෙලා isolate වෙලා අනිත් හුමාල තාප ප්‍රතිකාරයත් මේකටම එකතු කරගෙන මේ දේ කරගෙන යන්න රෝග ලක්ෂණ සමනය වෙනවා නම් පමණක්.
මූලික රෝග ලක්ෂණ අතපසු වී රෝගී බවට පත්වූ පසු ත්‍රිත්ව ප්‍රතිකාරයෙන් ප්‍රයෝජනයක් තිබේද?
නැහැ. රෝගය මර්දනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහි විශේෂ උදව්වක් ඇත්තේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. එහෙම වෛද්‍ය උපදෙස් පැතුවාට පස්සේ ඕගොල්ලොන්ට නිවසට වෙලා මෙන්න මේ ප්‍රතිකාර අරගන්න කියලා කිව්වට පස්සේ ඔගොල්ලොන්ගෙ ස්වසන පද්ධතිය තියෙන අමාරු ගතිය බර ගතිය අවහිරතාවය සඳහා ඒවා නැතිකර ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක විතරක් රෝගයක් උත්සන්න උනාට පස්සේ ප්‍රතිකාරයක් වශයෙන් අනිවාර්යෙන්ම නොකළ යුතුයි.
ප්‍රතිජීවක විරෝධීතාවය වෙනුවෙන් ත්‍රිත්ව තාප ප්‍රතිකාරයෙන් ප්‍රයොජනයක් තිබෙනවාද ?
ස්වසන වෛරස් රෝග මූලික අවස්ථාවේදී මර්දනය කර ගැනීම සඳහා ත්‍රිත්ව තාප ප්‍රතිකාරකය මම අනෙකුත් රටවල වෛද්‍යවරුන් අනුගමනය කරනවා දැකලා නැහැ. මේක මම විසින් අවුරුදු විස්සක් තිස්සේ මටම සහ මගේ අනෙකුත් රෝගීන්ටත් මගේ හිතවතුන්ටත් අත්හදා බැලීමෙන් ප්රත්යක්ෂ කරගත් ක්‍රමයක්. සෙම්ප්‍රතිෂාව විතරක් නෙමෙයි ,මම ඉන්ෆ්ලුවෙන්සා වගේ දරුණු රෝග පැතිරී යන කලෙකත් ඒම රෝගත් මෙම ක්‍රමය මගින් සාර්ථකව පාලනය කරගෙන තිබෙනවා. නමුත් ඔබ වෛද්‍යවරයෙක් මෙය ඔබට යෝජනා කරන අවස්ථාවක් තිබෙනවා. උදාහරණයක් හැටියට ඔබ උණ හැදිලා pandol වලට උණ බහින නැතුව වෛද්‍යවරයෙක් ගාවට ගියාම ඒගොල්ලෝ මේ ප්‍රතිකාරත් ඔක්කොම ලබා දීලා ඊට පස්සේ ඔබට උපදෙස් දෙනවා මෙම උණු වතුර පාවිච්චි කරන්න ආශ්වාස කරන්න කියලා. ඒ ගැන ඒ දේ විතරයි කියන්න පුළුවන්.
මෙම ක්‍රමය අනෙකුත් බටහිර වෛද්‍යවරුන් අනුගමනය කරනවාද?
අද ලෝකයේ බහුලව පවතින ප්‍රශ්නයක් තමයි ප්‍රතිජීවක විරෝධතාව. මේකට හේතුව වන්නේ අනවශ්‍ය ලෙස හෝ අධික ලෙස ප්‍රතිජීවක භාවිත කිරීම .සියයට අසූවක් දක්වා ප්‍රමාණයක් වැඩිපුරම ප්‍රතිජීවක භාවිත වෙන්නේ ස්වසන රෝග ආශ්රිත සංකූලතා වලට. ඕගොල්ලන්ට පුළුවන් නම් රටක් වශයෙන් මේ ත්‍රිත්ව ප්‍රතිකාර ඕගොල්ලොන්ට හැදෙන හැම සෙම්ප්රතික්ෂාකටම මූලිකම අවස්ථාවේදී පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම එතනින්ම ඒක සනීප කරලා දාන්න ඕගොල්ලොන්ට ෙසම නරක් අවශ්‍යතාවයක් නැහැ. ඕගොල්ලොන්ට ප්‍රතිජීවක අවශ්‍යතාවයක් නැහැ. විශේෂ කර්තව්‍යයක් තියෙනවා මේප්රතිජීවක විරෝධතාව කියන එක වලක්වන්න සහාය දෙන්න.
මෙම ත්‍රිත්ව තාප ප්‍රතිකාරය සාර්ථකත්වය ඇගයීම සඳහා කිසියම් ක්‍රමවේදයක් තිබෙනවා ද?
ඔව් ඒ සඳහා අපි සමීක්ෂණයක් සූදානම් කරලා තිබෙනවා. උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වේලාසනින්ම පිටුදකිමු කියන ෆේස්බුක් ගෘප් එකේ තමයි මේක පෝස්ට් එකක් හැටියට අපි ලෑස්ති කරල තියෙන්නෙ. කරුණාකරලා පහත මෙම විස්තර ඇති ලින්ක් එක හරහා එම කණ්ඩායමට සම්බන්ධ වෙලා ඕගොල්ලන්ගේ අත්දැකීම ඒකේ සඳහන් කරන්න. ඉතාම සරල ප්‍රශ්න හතරක් තියෙන්නේ ඉතාම අවංක වෙන්න. ඒ වගේම අපි සතිපතා ඕගොල්ලන්ට notifications එවනවා සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳෙන්න යනවද යනවනම් මෙන්න මේ ප්‍රතිකාර කරන්න කියන එක. ඒ නිසා කරුණාකරලා ඒක notifications off කරන්න එපා.
මේ දිනවල ඔබට ඇතිවෙන උණ , සෙම්ප්‍රතිශ්‍යාව සම්බන්ධව දිය හැකි අවසන් පණිවිඩය කුමක්ද?
අපි හැමෝම අද දවසේ ඉතා වැදගත් අපිට ඇතිවිය හැකි මූලික රෝග ලක්ෂණ ගැන විමසිල්ලෙන් සිටීම. එය හඳුනා ගත් සැණින් පැය දෙකක් ඇතුළත ත්‍රිත්ව තාප ප්‍රතිකාරය සම්පූර්ණයෙන්ම බැරිනම් කොටසක් හරි ආරම්භ කරලා ඊළඟට සම්පූර්ණයෙන්ම එය හැකි ඉක්මනින් කරන්න පටන් ගන්න. ඕගොල්ලොන්ව නිරෝධායන කරලා තියෙනවා නම් ඒ ලක්ෂණ ඇති වූ සැණින් ඒ අදාළ අංශ දැනුවත් කරලා ඊට පස්සේ ත්‍රිත්ව තාප ප්‍රතිකාර කරන්න. හෙම්බිරිස්සාවක් හැදිලා තියෙනවා නම් වහාම අනිත් අයගෙන් වෙන්වෙලා කාමරයකට වෙලා ඉඳලා ත්‍රිත්ව ප්‍රතිකාර කරන්න. ත්‍රිත්ව තාප ප්‍රතිකාරයෙන් සනීප උනොත් තවත් මුළු දවස් ප්‍රමාණය හතක් වෙනකන් එළියට පහලට යන්න එපා. ඒ වගේම මේ දවස්වල කිසිම ශීත කරපු ආහාර අයිස්ක්‍රීම් කෑම බීම ජාති පාවිච්චි කරන්න එපා. නිතරම උණු වතුර පාවිච්චි කරන්න. වැස්සෙන් ආරක්ෂා වෙන්න. මම මේ කියපු තල්ලුව මේ වයිරස් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආපස්සට දෙන්න එපා තල්ලුව දිය යුත්තේ ඉස්සරහාටයි. ඒ නිසා මා මේ කියපු දේවල් ඔක්කොම අනුගමනය කරල ඊට අමතරව ඉතා වැදගත් රජයෙන් මෙම රෝගය වලක්වා ගන්න දෙන සියලුම උපදෙස් ඉතාම දෙවරක් නොසිතා අනුගමනය කරලා මෙම රෝග තත්ත්වයෙන් අපි අපේ රට බේරා ගනිමු ඉක්මනටම.
වැඩිදුර සාකච්ඡා කිරීමට ෆේස් බුක් සමූහය
https://www.facebook.com/groups/2533172423589449/
0 Comments