dilith-sobhitha

ශ්‍රී ලංකාවේ රැපිඩ් අන්ටිජන් පරික්ෂාව සිදුකිරීම සඳහා අවශ්‍ය උපකරණය ගෙන්වීමට බලය ලබා දී ඇති ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ආයතනය අසාධාරණ ලෙස ලාභ ලබන බව ශ්‍රී බෝධිරාජ පදනම වෙනුවෙන්
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කරුණු දක්වා සිටියහ.


 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින්  මෙරටට ගෙන්වීමේදී රුපියල් 80ක් වැනි මුදලක් වැයවන එක මෙවලමකට රුපියල් 2500ක මුදලක් අය කිරීම මඟින් එක් පරීක්ෂණයකින් පමණක් රුපියල් 2400ක පමණ ලාභයක් උපදවන බව එම ලිපිය මඟින් පෙන්වා දී ඇත.‍ හිමියන් මේ ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වූ අතර එය හිරු නාලිකාවේ විකාශය විය.
------------
මේ අතර ලංකාවට ඇන්ටිජන් කට්ටල ගෙන්වීමේ ඒකාධිකාරය හිමි ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ආයතන අධිපති (දෙරණ නාලිකා අධිපති) දිලිත් ජයවීර  මුහුණු පොතේ සටහන් තබමින් හිමියන්ගේ ලිපියේ කරුණු වැරදි යයි කියා තිබේ.
කෙසේ වෙතත් එම පිළිතුරු ලිපියේ දැනට ඇන්ටිජන් කට්ටල ගෙන්වන්නේ කවර මිලටදැයි සටහන් නොවන අතර ලබාදෙන මිල ගැන පමණක් සඳහන් කර ඇත.
එම ලිපි දෙක පහතින්