නිරෝධායන ඇඳිරි නීතියට සහය දැක්වීමක් ලෙස හෙට (21) දිනයේ සිට 30 වනදා දක්වා දුම්රිය හෝ බස් රථ ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
අත්‍යවශ්‍ය සේවා සඳහා ගමනාගමනයට අවශ්‍ය අය ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීම මත එම
ආයතනයට පමණක් ලංගම බස් රථ ලබාදීමට වැඩපිලිවෙලක් සකසා ඇති බවත් ඒ සඳහා තමා සූදානම් බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කිය සිටියේය.
වෙන් වෙන් වශයෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන අයට ආයතනික මට්ටමේ වැඩපිලිවෙලක් ඒ අනුව සැකසීමට සිදුව තිබේ.
0 Comments