dr-jeewandara-speaks

ඩෙල්ටා වයිරසය ඉදිරි සති දෙකේදී  ප්‍රබලව පැතිරෙනු ඇති බවත්  ඒ තත්ත්වය තේරුම් ගෙන සංචරණය හැකිතාක් සීමා කරන ලෙස සියලු  ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නව වයිරසස ප්රබේද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආවාර්ය චන්දිම ජීවන්දර මහතා  පැවසීය.  




ජනතාව තමන්ම  ලොක්ඩවුන් (අගුලු දැමීම)  විය යුතු බව ඔහු  සඳහන් කළේය. යම් පුද්ගලයකුට කෑම නැති වුණහොත් කවුරුන් හෝ ඒය ලබාදෙනූ අැති බවත් ඔක්සිජන් නැති වුවහොත් සිදුවෙන දේ සිතා  ගැනීමට තමා ජනතාවට යෝජනා කරන බවත් ඔහු පැවසුවේය. ඩෙල්ටා වයිරසයේ බලපෑම ආරම්හ වුවා පමණක් යැයි පැවසු ජීවන්දර මහතා මෙහි භයානකකම හොඳින් දැනෙන්නේ ඉදිරියේදී බවද සඳහන් කළේය. ඒ හේතුවෙන් ඉදිරි සති දෙක තුන ඉතාම තීරණාත්මක බව හෙතෙම කීවේය.


චීනයේ වුහාන් ප්‍රාන්තයේ පැතිර ගිය වයිරස ප්‍රභේදයට  වඩා දෙගුණයක වේගයෙන් ඩෙල්ටා සැර කොරෝනා වයිරසය  පැතිරෙන බවත් මුව ආවරණ තත්පර 5ක් ගලවාගෙන සිටියහොත් ආසාදිතයකු බවට පත්වීමට එම කාලය  හොඳටම ප්‍රමාණවත් බවත් ඔහු පැවසුවේය.  වයිරස ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට මේ අවස්ථාවේදී දැඩි ක්‍රියාමාර්ගවලට යා යුතු බව ද චන්දිම වන්දර මහතා පෙන්වා දුන්නේය.


 -සුජිත් හේවාජුලිගේ -