පසුගියදා අයිඑස් ත්‍රස්තයින් සිදුකළ බොම්බ ප්‍රහාර වලින් පසු නැවත ඉරිදා (29) පස්වරුවේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපල අසල පිපිරුම් හඩක් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මුලින් වාර්තාවූයේ ඒ ආසන්නයේ නිවසක රොකට් ප්‍රහාරයක් සිදු වූ බවය. නමුත් එය කාර් බෝම්බයක් ඉලක්ක කරගත් ඩ්‍රෝන් ප්‍රහාරයක් බව පසුව ඇමරිකානු බලධාරීහු තහවුරු කළහ.
අල් ජසීරාට අනුව, මෙය එක්සත් ජනපද ගුවන් ප්රහාරයකි. කාබුල් ගුවන් තොටුපළට පහර දීමට අවශ්‍ය වූ වාහනයක සිටි මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු ඉලක්ක කර මෙය එල්ල කර තිබෙන බව තලේබාන් ප්‍රකාශක සබීහුල්ලා මුජාහිඩ්ද තහවුරු කර පවසා තිබේ.
සීඑන්එන් නාලිකාව ආරක්ෂක නිලධාරියෙකුද ඇමරිකාව කාබුල් නගරය තුළ ආරක්ෂක ගුවන් ප්‍රහාරයක් සිදු කළ බව තහවුරු කරන ලදි.
ඩ්‍රෝන් ප්‍රහාරය "ගුවන් තොටුපල ඉලක්ක කරගත් කාර් බෝම්බයක් ඉලක්ක කරගත්" බව එම නිලධාරියා පැවසූ අතර ද්විතීයික පිපිරීමක් සිදුවූ බවත් සැලකිය යුතු පුපුරන ද්‍රව්‍යයක් තිබූ බවත් දන්වා තිබේ.
මෙහිදී සිවිල් වැසියන් කිසිවෙකුගේ ජීවිත හානි සිදු වී නැති බව දන්වා ඇත.
පිපිරීමෙන් පසු ප්‍රදේශයේ කළු දුමාරයක් ඉහළ යන බව සමාජ මාධ්‍යවල විඩියෝ පළ විය.
0 Comments