කොරෝනා වයිරසයෙන් බේරීම සඳහා අනිවාර්යයෙන් පැලඳිය යුතු මුහුණු ආවරණ (Masks) නිසාම කොරෝනා වයිරසය පැතිරීමේ අවදානමක් පවතින බවට පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය අනතුරු අඟවයි.
ඇය පෙන්වා දෙන්නේ රෝහල්වල මෙන්ම පෞද්ගලිකවද භාවිත කරන මුහුණු ආවරණ, ආරක්ෂිත ඇදුම් සහ අත් ආවරණ විනාශ කිරීමේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බවය.
මේ හේතුවෙන් පාවිච්චි කරන ලද මුහුණු ආවරණ පරිසරයට මුදාහැරීම නිසා කොරෝනා වයිරසය පැතිරීමේ
අවදානමක් ඇතැයි ඇය පැවැසීය.
ඇය පෙන්වා දුන්නේ නිවාසවලින් ඉවතලන මුහුණු ආවරණ පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ
වැඩපිළිවෙළ යටතේ රැගෙන යන අතර අපද්‍රව්‍ය කළමනාකරණ සේවකයන්ද වයිරසයට නිරාවරණය වීමේ
අවදානමක් පවතින බවය.
පාවිච්චි කරන ලද මුහුණු ආවරණ ඉවත දැමීම සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේද තුනක් පිළිබඳව ඇය කරුණු දැක්වීය.
මුහුණු ආවරණ පුලුස්සා දැමීම, ඉවත දැමීමට පෙර විසබීජ නාශකයකින් පිරිසුදු කිරීම, ඉවත දැමීමට පෙර
උණුසුම් ජලයෙන් තැම්බීම. මෙම ක්‍රමවේද අතරින් වඩාත් යහපත් ක්‍රමවේදය වන්නේ පාවිච්චි කර
ඉවතලන මුහුණු ආවරණ පුලුස්සා දැමීම බවය.
මුහුණු ආවරණ පුලුස්සා දැමීමෙන් යම් ආකාරයකින් පරිසර දූෂණයක් විය හැකි නමුත් කොරෝනා වයිරසය
ව්‍යාප්ත වීම එමඟින් පාලනය වන බව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පෙන්වා දුන්නාය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා
මහතා ප්‍රකාශ කළේ රෝහලේ ඉවතලන මුහුණු ආවරණ ආදිය අපද්‍රව්‍ය බහාලුම්වලට දමා මුද්‍රා තබා
පෞද්ගලික ආයතනයක් වෙත භාරදෙන බවය.
කුමුදු ජයවර්ධන
0 Comments