කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ට කිසිදු වෛද්‍ය අනුමැතියකින් තොරව ඖෂධ ලබාදීමට කටයුතු නොකළ යුතු බවත් සමාජ මාධ්‍යවල පළවන විවිධ ඖෂධ වර්ග එවැනි ආසාදිතයෙක්ට ලබාදීමෙන් ඔහුගේ තත්ත්වය තවත් බරපතළ විය හැකි බවත් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක පවසයි.
කොරෝනා ආසාදනය වී රෝහල්වලට පැමිණෙන බොහෝමයක් රෝගීන් ‘ඩෙක්සමෙතසෝන්’ නම් ඖෂධය ගත් බවට පවසමින් පැමිණෙන බවත් එම ඖෂධය කොරෝනා රෝගියෙක්ට රෝහලක් තුළදී ලබා දෙන්නේ ඔහුගේ සිරුරේ ඔක්සිජන් මට්ටම සියයට අනූ හතරකට වඩා අඩු මට්ටමකට පවතින විට පමණක් බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය. ඩෙක්සමෙතසෝන් ඖෂධය එවිට ලබා දෙන්නේද වෙනත් ඖෂධ සමග බවත් කිසි විටකත් නිවසේදී මෙය ලබා නොගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
වෛද්‍ය උපුල් දිසානායක පවසන්නේ යම් අයෙකුට ඇඟ පත රිදීම, හිසරදය සහ කොන්දෙහි වේදනාවක් තිබේ නම් ඔහු නිවසේ සිටින විට ලබාගත යුත්තේ ‘පැරසිටමෝල්’ ඖෂධය පමණක් බවත්ය.
(අශිකා ජයවීර)
0 Comments