මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාසවල සිටින කොවිඩ් රෝගීන් සොයා ගැනීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇති බවත් වසංගත තත්වය යටතේ අඩුම තරමින් සති තුනක්වත් රට වසා අවශ්‍ය කටයුතු නොකළහොත් බරපතළ ඛේදවාචකයකට මුහුණදීමට සිදුවිය හැකි බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති ඇස් ඒ.යු.ටී. කුලතිලක මහතා ඊයේ (12) පස්වරුවේ පැවසීය.
මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් නිවාසවලම සිටින නමුත් ඔවුන් කවුරුන්ද යන්න මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ එකම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකුට ග්‍රාම සේවා වසම් හතරේ සිට ග්‍රාම සේවා වසම් දහයක පමණ රාජකාරි පැවරි තිබීම එක් හේතුවක් බවද උපසභාපතිවරයා කීය.මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ සේවයේ යෙදී සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එකසිය හැත්තෑවක් දෙනා අතරින් ක්ෂේත්‍ර රාජකාරිවල නියැලී සිටිනුයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක සිය තිස් පහක් පමණ පිරිසක් බවත් මෙයින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දොළොස් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවද හෙතෙම කියා සිටියේය. ජා ඇල 03 ක්, ගම්පහ 02 ක්, වත්තල 02 ක්, මීගමුව, බියගම, දොම්පෙ, අත්තනගල්ල හා දිවුලපිටිය කොට්ඨාසවල එක් අයකු බැගින් එසේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දොළොස් දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවත් සීදුව, දිවුලපිටිය හා ගම්පහ කොට්ඨාසවල එක් අයෙකු බැගින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තිදෙනකු රෝග ලක්ෂණ යටතේ පසුවන බවත් උපසභාපතිවරයා කීය.
මෙයට අමතරව ජා ඇල ආසාදිත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පවුල් පිටින්ම ආසාදිතයන් බවට පත්වී දැඩි පීඩාවකට පත්ව සිටින බවත් ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ පවුලේ සාමාජිකාවකටද වයිරසය ආසාදනය වී ඇති හෙයින් ඔහුටද රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ඉතිරි වී සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසට ආසාදිතයන් සොයා ගෙන ඔවුන්ගේ මූලික කටයුතු කිරිමට නොහැකි වී ඇති බවත් එක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකුට දිනකට ලැබෙන දුරකතන ඇමතුම්වලටවත් දිවා රෑ දෙක්ම ක්‍රියාත්මක වුවත් සියලු ආසාදිතයන් සොයා ගැනීම දුෂ්කර වී ඇති බවද ඒ මහතා කීය. බරපතළ වසංගත තත්ත්වය යටතේ අඩුම තරමින් සති තුනක්වත් රට වසා අවශ්‍ය කටයුතු නොකළ හොත් බරපතළ ඛේදවාචකයකට මුහුණ දීමට සිදුවන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති කුලතිලක මහතා කියා සිටියේය.
-ආනන්ද ඉ. ජයකොඩි-
0 Comments