gamya-wijedasa-speaks

 මිස් ශ්‍රී ලංකා ජයග්‍රාහිකාවක වූ ගම්‍යා විජේදාස පසුගියදා සම්මුඛ සාකච්ඡාවකදී දැක්වූ අදහස් පහත පරිදිය.


✪ කවදා හරි කාට හරි ජීවිතේ ඉතුරු වෙන්නේ මතක විතරමයි ....ජීවිතයේ කියන්නේ මතක ගොඩකට....අපේ වැඩසටහනට ආදරෙන් පිලිගන්නවා ගම්‍යා විජයදාස ...කොහොම ද මේ දවස් වල තොරතුරු ...?
                                      "හොඳයි අනිත් අයට වගේම තමයි හැල හැප්පීම් මැද්දේ කොහොම හරි  ගමනේ යන එක තමයි සිද්ධ වෙන්නේ ....?
✪ ජීවිතය කොයි වගේ මතක ද තියෙන්නේ ...?
                                      "කාන්තාවකට විශේෂයෙන් විවාහ පත් වන දවස  අම්මා කෙනෙක් වෙන දවස  අමතක නොවන දේවල් ...තාම මට එහෙම ආවේ නැති නිසා  එකටම තියෙන්නෙ මම හිතන්නේ මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණය කරපු එක ...මේ ජයග්‍රහණය හා කිරුළ කියන එක නෙමේ එතන තිබ්බ මතක ය කියන දේ  මම හිතන්නේ අවුරුදු 15 ක ළමයෙක් හැටියට ජීවිතය මම දැකපු ලොකුම හීනය ...මම ජීවත් වුණේ ඕස්ට්‍රේලියාවේ කොහොමද මං මේකට එන්නේ කොහොමද මං මේකට අඩිතාලම හොයාගන්නෙ කියන කිසි දෙයක් නොදැන මම මේ සිහිනය දැක්කා ..."
✪ ඔයා තාම කසාද බැඳලා නැහැ නේ බඳින්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ ...හොයනව ද මේ දවස් වල ...?
                                        "මම හොයන්නේ නැහැ හම්බ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ...වෙන කෙනෙක් හොයනවා ඇති හොයන කෙනා හම්බ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..."
✪ කොයි වගේ කෙනෙක්ද හොයන්නේ ..?
                                    "හොඳ කෙනෙක් ක්‍රියාවෙන් හොඳ කෙනෙක්...වචනයෙන් නෙමෙයි ක්‍රියාවෙන් ඇත්තටම හොඳ කෙනෙක් කරුණාවන්ත කෙනෙක් සහ අර කිව්ව වගේ පොඩි කාලේ හොයන දේවල්  ලොකු වෙන කොට ටිකක් පරිණත වෙනකොට වෙනස් වෙනවා...අපි කාලේ අපි හොයන්නේ ශාරුක් ඛාන් වගේ කෙනෙක්  පෙනුමෙන් අපි කෙනෙක්ව හොයනවා....අද වෙනකොට මම හොයන්නේ මගේ ආධ්‍යාත්මයට ගැලපෙන කෙනෙක් මොකද මම සාමාන්‍ය ම කෙනෙක් නෙවෙයි ඒක මට දැන් තේරෙනවා ඒක හොඳද නරකද කියලා  විශ්ලේෂණය කර ගන්න එක අනිත් අයට භාරයි...නමුත් සාමාන්‍ය නෑ කියන එක මට තේරෙනවා ...."
✪ එහෙම කෙනෙක් හම්බුනා කියමුකො ජීවිතයට දැන් එයා මැරෙන්න යන්නෙ  ඔයා කොහොමද react  කරන්නේ..?
                                        "ඒ වගේ දෙයක් වෙලා ම බලන්න ඕනේ....ඇත්තටම ඒක හිතාගන්න අමාරු දෙයක්.."
✪ ඔයාට එහෙම සිදුවීමක් වුණා නේද ...?
                                          "එහෙම සිදුවීමක් වුණා ....හැබැයි මගේ reaction  එක සම්පූර්ණයෙන්ම මම බලාපොරොත්තු වුනේ ඒක නෙමෙයි...එතනදි මම fail උනා මේ මතකය ඇවිල්ලා මගේ bollywood jurney එකේ  අමතක නොවෙනම කාලපරිච්ඡේදයක් අවුරුදු 6 ක විතර ....ජීවිතයේ විඳපු ලොකුම කට්ට ...ඊට පස්සේ තමයි මධ්‍යම ප්‍රතිපදාව මම හොයා ගත්තේ..අර අවුරුදු හය තුළ එක්තරා සුන්දර අත්දැකීම් මාලාවක් තිබුණා මම රංගනයේ කියන එක හදාරනවා creative charactors කියලා institution එකක මුම්බායි වල...කොල්ලොම විතරයි ඔක්කොම හිටියේ...මම තමයි එකම ගෑනු ළමයා ඒ පන්තියේ....එක්තරා ඒරියා එකක් තියෙනවා අපි හදාරන ඒ වෙලාවේ ඒ මොහොතේ කරන රංගනයක් ...ඒකට script එන්නේ නැහැ film family  එකකින් එන කෙනෙක් අපේ class එකට join  වුණා එයාගේ තාත්තා සුපර්ස්ටාර් කෙනෙක් එයාගෙ නංගිත් සුපර්ස්ටාර් කෙනෙක් ....ඒකත් එක්ක එයා එන්නේ මට මේව වැඩක් නැහැ මට නම් ඒව ඕනෙ නෑ කියන හැඟීමෙන් ....ඉතින් එයාටත් මම ඕන සහාය නිළිය වෙන්න  ...ගිහිල්ලා රඟපාන්න කිව්වහම මෙයා මට අවවාද කරනවා මෙහෙමයි වෙන්නෙ මෙහෙමයි වෙන්නෙ කියලා පැය භාගයක් විනාඩි 45ක් විතර ඔය විදියට කියවනවා...දැන් මම එයත් එක්ක රඟපානවා..ඊට පස්සේ මෙයා කියනවා මෙයාට මාරාන්තික ලෙඩක් තියෙනවා කියලා ..පස්සේ එයාට ඕන එක නෙමෙයි මම react කරන්නේ...stop stop  කියලා  සෑම මට මේක කරන්න බෑ මෙයා මේක කෑවා කියලා කිව්වා.....ඊට පස්සේ එයා මුළු දවසම පැත්තකට වෙලා හිටියා....ඒක ඇත්තටම අමතක නොවෙන නොවන සිදුවීමක් ....නමුත් ඒ අත් දැකීම මට හොඳ අත්දැකීමක් වුනා...."
✪ රටවල් කීයකට ගිහින් තියෙනවද ඔයා ..?
                                                 "25 ,ක් විතර.."
✪ වියට්නාමයට කීපාරක් ගිහිල්ල තියෙනවද...?
                                                  "එක පාරක් ගිහිල්ලා තියෙනවා...මම තනියෙන් travel කරන්න කරන්න ගොඩක් කැමතියි  කාලෙකඳම යාළුවා මමයි මගේ හොදම යාලුවයි අපි තීරණය කලා මේ යාළුකම හැමදාම පවත්ව ගන්න ඕනේ කියලා...අවුරුද්දකට සැරයක් girls trip එකක් යන්න ඕනි කියලා දෙන්නත් එක්කම පොරොන්දු වුණා...ඊට පස්සේ පස්සේ වියට්නාමයට යමු කියලා අප තීරණය කළා...මම australian citizen කෙනෙක් නිසා අපි යන හැම රටකටම අපි වැඩිය හිතන්නේ නැහැ ....ටිකට් එක ගත්තා  මොකුත් ඇහුවෙත් නැහැ වීසා ගැන මමත් ඉතින් ගියා ..මම හරි ආසාවෙන් ගිහිල්ලා land කලා ගිහිල්ලා යන්න හදනකොට වීසා එකක් ඉල්ලුවා ....වීසා නැහැනේ මම ඉතින් මගේ පාස්පෝට් එක දුන්නා...ඒත් ඒ ගොල්ලෝ මගෙන් වීසා එකක් ඉල්ලුවා  මගේ දැන් කකුල් දෙකත් පණ නැති වේගෙන එනවා ....තව tourists කීප දෙනෙකුත් හිටියා හැමෝගෙම අතේ කොළයක් තියෙනවා ....පස්සෙ මම හැරිලා ඇහුවා මොකක්ද මේ කොලේ කියලා ...ඊට පස්සේ මම කිව්වා මට  යන්න බැහැ මේක වෙන්න ඕන විදිය කොහොමද කියලා...ඕක කාට හරි අහු උන කියල මම හිතනවා නැහැ නෑ දැන් ඉන්න ඊළඟ flight  එක එනකන් කියලා කිව්වා ..පස්සෙ මම හිටියා ...customer officer කෙනෙක් වගේ කෙනෙක් ඇවිල්ලාඑලියට ගෙනිහිල්ලා ඔයාගේ පාස්පෝට් එක මම වීසා එක ගහගෙන ගෙනත් දෙන්න කියලා කිව්වා...හැබැයි මේකට ලොකු ගානක් යනවා කිව්වා....එයාගෙ අයි ඩී එකේ ෆොටෝ එකකුත් අරගෙන ඕන දෙයක් වෙච්චාවේ කියලා සල්ලි පාස්පෝට් එකයි දුන්නා ...මම එන්නම් ටක් ගාලා කියලා ගියේ  නම්බර් එකක් මම ගත්තා ....ඊට පස්සේ විනාඩි හතළිස් පහකට විතර පස්සේ මෙයා ආවා ...දැන් සේරම හරි මගේ යාලුවත් ආවා...ඒක මගේ ජීවිතේට ලොකු අත්දැකීමක් වුණා .... "
✪ traveling කරද්දී ලොකු අත්දැකීම් ඔයාට තිබිලා තියෙනවා නේද ...?
                                                   "මැලේසියාවේ දී හැමදාම වෙන එකක් මේ ලඟදි  seriously ම වුණා...ඒකට ගියොත් එහෙම මම බොන්න කැමති දෙකක් තියෙනවා එක කඩේ ඒක ...මම එතෙන්ට යන්නම ඕනේ ගිහින් එක බොන්නම ඕනේ ...ඒක බීලා කොහොමහරි දැන් වෙලාව ගානට තියෙන්නේ මට කියනවා ඇහුණා මම flty කරන flight  එක  අනිත් terminal එකට   මාරු කරා කියලා ...පස්සෙ මම තේක ඉක්මනින් ඉක්මනින් බිව්වා තේක අත ඇරියේ නැහැ....දැන් මමයි යාළුවා ඉක්මනට දුවනවා flight  එකට නගින්න ...මම යාළුවට කිව්වා බයවෙන්න එපා මම සේරම බලාගන්නං කියලා...ඒත් මම හිතින් දෙවියන්ට කියනවා මේක මිස් වෙන්න නං එපා මූටත් එක්ක මට ගෙවන්න වෙනවා කියලා.."
✪ සිංගප්පූර් වලට යන්නේ ඇයි ?
                                       "අම්මා නිසා තමයි යන්නේ ....අවුරුදු 10දි යන්නේ...අම්මට එහේ ජොබ් එකක් හම්බ වෙනවා  ඉතිං අපි එහෙට shift වෙනවා ...මුළු ජීවිතය ම එක්තරා විදිහකට උඩුයටිකුරු වෙන සිදුවීමක් ..."
✪ අම්මා කලන්තේ දාලා වැටෙන්නේ ඇයි..?
                                       "අම්මා කලන්තේ දාලා වැටෙන්නේ මම සිංගප්පූරුවේ තමයි මුලින්ම තනියෙන් ඉන්නේ ඉගෙන ගන්න...මට තනියෙන් ඉන්න අමාරු උනා සද්දයක් ඇහුනත් මට ඉන්න හරිම අමාරුයි ....ගෙදර ඉස්සරහ දොරත් වහගෙන කාමර දොරත් වහගෙන උදේට දවල්ට රෑට කෑම ඔක්කොමත් අරගෙන තමයි මම කාමරේට වෙලා ඉන්නේ .... එක දවසක් අම්මා ඇවිල්ලා දොරට ගහනවා ගහනවා මට නින්ද ගිහිල්ලා ඊට පස්සේ අල්ලපු ගෙදෙරට කියලා බලන්න විදිහක් නැති නිසා fire brigade  එකට කියලා ඒකෙනුත් හය හත් දෙනෙක් විතර ඇවිල්ලා හිටියා ...මම නිදි ....ඊට පස්සෙ කොහොම හරි මේ ගොල්ලෝ දොර ඇරගෙන ඇතුලට ඇවිල්ලා....කාමරේ දොරට තට්ටු කරන කොට තමයි මට ඇහුනේ ...ඊට පස්සේ අනේ පුතා ඉන්නව ඉන්නවා කියලා අපේ අම්මා කලන්තේ දාලා වැටුනා...පැය ගානක් ළමයට මොකද උනේ කියලා දන්නැති හින්දා තමයි කලන්තේ දාලා තියෙන්නේ ....ස්වාධීන විදිහට හැමදේම කරගන්න ඒ අඩිතාලම ලැබුණේ  සිංගප්පූරුවෙන් කියලා මම හිතනවා....සිංගප්පූරුව කියන රටේ කංකෙදිරි ගෑනු බෑ බෑ කියන දේවල් නැහැ...ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නේ එහෙන් tamil language එක ඉගෙන ගන්නේ එහෙන්..."



✪ අම්මා නැතුව කොච්චර කල් හිටියද ලංකාවේ...?
                                     "අම්මා අවුරුදු පතා එනවා ...ඒ අවුරුද්දේ අවුරුද්දෙ අප්‍රේල් මාසේ එන්න හිටියේ...එන්න බැරි වුණා...ඒ නිසා තමයි අවුරුද්ද පුරා තනි උනේ ....එහෙම තනියම ඉන්නකොට වෙන වෙන ප්‍රශ්න වලටත් මට මුහුණ දෙන්න සිද්ධ වුණා...ඒ වසර තුළ වෙන්න පුළුවන් හැම දේම සිද්ධ වුණා ...මගේ දරාගැනීමේ මට්ටම අනුව වෙන්න පුළුවන් හැම දේම සිද්ධ වුණා ....දවසක් වැටිලා ඉන්න දෙකක් වැටිල ඉන්න මාසයක් හරි වැටිලා ඉන්න it's ok... ඒත් නැගිටින්න...ලක්ෂ වාරයක් මම අද වෙනකොට වැටිල ඇති ....හැබැයි ලක්ෂ එක් වාරයක් මම නැගිටලා තියෙනවා....මම වැටිලා නොනැගිටින දවස මරණය විතරයි....අපේ තාත්තා මම මිස් ශ්‍රී ලංකා වුණා කියලා දැනගන්නේ පත්තරෙන් ...තාත්තට මම හරිම බයයි...අපේ තාත්තා හරිම සුන්දර මනුස්සයෙක් ඒත් කැමති වුණේ නෑ මම මේ ක්ෂේත්‍රයට එනවට ...තාත්තා කියනවා මේ බලන්නකො මේ පත්තරේ ඉන්නවා නිකං ඔයත් වගේ කියලා බැනුම් ඇහුවා ....මගේ අම්මා  එයාගෙ ජොබ් එක අත ඇරලා තමයි ආවෙ මට support  කරන්න....ඒ වගේම මගේ පවුලේ අයත් මේකට ලොකු support  එකක් ඒගොල්ලන්ගෙ හදවතින්ම දුන්නා...මට ඕන වෙච්ච දේ වෙනස් අනිත් miss sri lanka winners ට වඩා...ඒ නිසා ඒ ජයග්‍රහණය මට හරිම විශේෂයි...."
✪ මොකද හිතෙන්නේ ඇත්තටම මතක කියන දේ ගැන ....?
                                  "අපේ ජීවිතය build වෙලා තියෙන building box තමයි මතක කියලා කියන්නේ මතක තුළ තමයි අපේ ජීවිතයේ රැඳෙන්නේ ඒ වගේම මම දැන් ටික ටික තේරුම් අරගෙන යන දෙයක් තමයි අපිට හොඳ නරක දෙකම තියෙනවා එහෙම බැලුවහම අපි ජීවිතයේ  දුකක් විඳිනවා නම් මේ මොහොතේ දුකක් ඇති වෙනවා නම් අනිවාරයෙන් හිතෙන්නේ පරණ මතකයක් නිසා ...මොකද මේ මොහොතේ අපි සතුටින් ඉන්නේ කිසිම හේතුවක් නෑ මට අසතුටු වෙන්න ...දුකක් ඇති වුනොත් ඇති වෙන්නේ මතකයක් නිසා ...එක්තරා දුරකට අපි මතකය එක්ක රැඳෙන්න ඕන නමුත් ඒ මතක ඔසවගෙන ගොඩක් දුරට බරක් කර ගන්නත් හොඳ නැහැ ...negative දේවල් මම ගොඩක් දුරට පරිහරණය කරන්නේ නැහැ මොකද ඒක අනවශ්‍ය බරක්..."

සාකච්ඡාව - ළහිරු මුදලිගේ